source
ඉතින් හැමෝම පරිස්සමින් ඇති කියලා හිතනවා.අද ලියන්නෙ නේ ටිකක් වෙනස් ඒත් අපිටම ගැලපෙන මාතෘකාවක් ගැන.අපේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න වලදි , විවිධ කඩාවැටීම් වලදී අපි හිත හදාගන්න ප්‍රධාන විදියක් තමයි මේක අපේ කරුමේ, මේක අපේ දෛවය , කියලා කරුමයටයි දෛවයටයි භාර කරන එක. ඇත්තටම හැමදේම ඒකට බාර කරලා හරි යනවද? සහෝදරයා කියලා ස්වාධීන රූපවාහිනියෙ ලස්සන නාට්‍යයක් විකාශනය වුණා. ඒකෙ හරි ලස්සනට මේක ගැන පැහැදිලි කර දෙනවා. ඒ උදාහරණයම මාත් අරන් පැහැදිලි කරන්නම්, එතකොට ඔයාලටත් හොද අදහසක් ඒවි.
හිතන්න ඔයාගේ අම්මට කොන්දේ අමාරුවක් එනවා. private channel කරල බෙහෙත් ගමු කිව්වට, අහන්නෙ නෑ ආණ්ඩුවේ ඉස්පිරිතාල යනවා. පහයි තිහේ ඉඳන් තුණ්ඩුවක් ගන්න පෝලිමේ ඉන්නවා.ඊට පස්සේ ඕ පී ඩී බලලා බලලා physician කෙනෙක් ගාවට දානවා.එතන පෝලිමේ ඉඳලා බෙහෙත් ටික ලියාගන්නවා.උදේ ඉඳලා වතුරවත් නැතුව රස්තියාදු වෙලා කලන්තෙ හැදිලා බෙහෙත් ටික ගන්න කවුන්ටරය ගාවට යනවා. එතනින් කියනවා බෙහෙත් නෑ කියලා.ඉතින් ඔයාගේ අම්මා අපේ අම්මා අපි ඒකට මොකද්ද කියන්නේ , මේක අපේ කරුමේ මේක අපේ දෛවය කියලා.
ඇත්තටම ඒක කරුමයට දෛවයට බාර කරන්න ඕන දෙයක් නෙවෙයි. මොකද අපි කන බත් ඇටයේ ඉඳන් රජයට බදු ගෙවලා තියෙනවා. දේශපාලඥයන් හරි ලස්සනට මිනිසුන්ව මෝඩයට අන්දනවා කරුමය දෛවය ඉස්සරහට දාල.ඇත්තටම අපි දේශපාලන බුද්ධිය අතින් සෑහෙන්න පල්ලෙහයින් ඉන්නේ.ඒ නිසාමද මන්දා අපිට මේ රාජ්‍ය අසමත්කම ගැන එච්චර වැටහීමක් නෑ.ඔවුන් ඡන්දෙන් ඡන්දෙට අපිව මෝඩයාට අන්දලා හැමදාම දුප්පත්කම මාකට් කරගෙන ඡන්ද ටික අරගෙන සැප විඳිනව.මිනිස්සුන්ට ඒ දේ ගැන idea එකක් ආවොත් රට සුරක්ෂිත කරන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි.ඉතින් අපි ඒකට ට්‍රයි කරමු.