අමතක නොවන ඉනිමක්....

in hive-133716 •  4 days ago 

1000138554.jpg
source

ඉතින් කාලෙකට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වැදුණු තරඟයක් ගැන ලියන්න හිතුවා.ගොඩක් වෙලාවට ඔයාලා ක්‍රිකට් රසිකයන් විදිහට දන්නවත් ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරඟ සංචාරය ගැන.ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස සහ එක්දින තරගාවලියකට නවසීලන්තයේදී මුහුණ දෙනවා.ඉන් පළමු විස්සයි විස්ස තරග දෙකෙන් පලමු තරගය ඉතා අවාසනාවන්ත විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය වෙන්න සිදුවුණා. කොහොම හරි දෙවන තරඟයේදිත් නවසීලන්ත කණ්ඩායමේ දක්ෂතා නිසා පහසු ජයක් ලබා ගන්න ඔවුන් සමත් වුණා.ඉතින් මම අද ලියන්න යන්නේ විස්සයි විස්ස තරගාවලියේ අවසාන තරගය ගැන.පළමු තරඟ දෙකේදීම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම මෙවර කාසියේ වාසිය ජයගැනීමත් සමග ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස්ට එතරම් සාර්ථක වීමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.පළමු තරඟ දෙකේදීම දක්ෂතා අතර සිටි පැතුම් නිස්සංකගේ කඩුල්ල විශිෂ්ට පන්දු රැකීමකින් ලබා ගැනීමට කඩුලු රකින්නා සමත් වුණා.ඒ වගේම විස්සයි විස්ස කණ්ඩායමට තමන්ගේ වටිනාකම නැවත නැවතත් ප්‍රශ්නාර්ථ ගතකරමින් අවිශ්ක ප්‍රනාන්දු මෙම තරඟයේදීත් ලකුනු 17ට දැවී ගියා.ඉතින් තරඟය අමතක නොවන තරගයක් බවට පත් කළේ කුසල් ජනිත් ප්‍රනාන්දු.වසර දාහතරකට පසු විස්සයි විස්ස ශතකයක් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙමින් විශිෂ්ට සහ ශ්‍රී ලංකාවේ වේගවත්ම විස්සයි විස්ස ශතකය තමන් සතු කර ගැනීමට ඔහු සමත් වුණා.ඉතින් කණ්ඩායමේ නායක චරිත් අසලංකගේද උදව්වෙන් ලකුනු 219ක දැවැන්ත ඉලක්කයක් නවසීලන්තයට ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.පිළිතුරු ඉනිම පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමත් එතරම් පහසුවෙන් පරාජය භාර ගැනීමට කැමති වුණේ නැහැ.ඔවුන් අවසාන පන්දු වාරය වන තෙක්ම හොඳින් තරඟයට අවතීර්ණ උනත් බිනුරගේ අවසන් පන්දුවාරය හමුවේ ඔවුන්ට හතක පරාජයක් හිමි වුනා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!