source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව.අද ලියන්න යන්නෙ ටිකක් වෙනස් කතාවක්. මේකත් ගොඩක් කලින් මන් දැකපු කතාවක්. ඒත් ලියන්න අමතක වුනේ එක එක වැඩත් එක්ක. කොහොමහරි අද මතක් උන එකේ ලිව්වනම් හොදයි කියල හිතුන. මේක සෑහෙන්න ඇත්ත කතාවක්. අපි පොලකට , පොඩි කඩේකට එහෙම ගියාම ඒ ගන්න එලවලු වේවා , ගන්න පොඩි දේ කොහොමහරි ට්‍රයි කරන්නෙ කියන ගානට වඩා කියක්මහරි අඩු කරගන්න. ඉතින් ඒ දේ ක්රගත්තම හරියට ලොකූ ජයග්‍රහණයක් ලබාගත්ත වගෙ මිනිස්සුන්ට.මේක මන් පෞද්ගලිකව දැකල තියෙන දෙයක්. මේ තියෙන කතාව මගේ එකක් නොවුනත් මාත් මේ දේ අත්විදල තියෙනව. මන් කඩේට වෙලා ඉද්දි ලොකු ලොකු වාහන වලින් එන මිනිස්සු රුපියල් 60,70 තැබිලි ගෙඩි තව විස්සක් තිහක් අඩුකරල අනන්තවත් මගෙන් ඉල්ලල ඇති. ඉතින් මේ කතාවෙ වගේම මටත් හිතිල තිය්නව ලොකු ලොකු හොටෙල් වලිනුත් මේ මිනිස්සු මෙහෙම්ම ඉල්ලනව ඇද්ද කියල.ඉතින් මේ කතාව බලල ඔයාලත් හිතන්නකො මිනිස්සු කොයිතරම් සාදාරණයිද කියල.
“මේවා කීයටද විකුණන්නේ? ” ඇය තැඹිලි වෙළෙන්දාගෙන් ඇසුවාය.
” එකක් රු.80 යි නෝනා ” ඔහුගේ පිළිතුර විය.
” 6 ක් ගන්නම් 400 කට දෙනවද? ” ඇය ඔහුගෙන් ඇසුවාය.
” හරි කමක් නෑ නෝනා. බොහොම ස්තුතියි මගෙන් තැඹිලි මිලදී ගත්තට. අද දවසට එක ගෙඩියක් වත් විකුණ ගන්න බැරුව හිටියේ. ” මහලු තැඹිලි වෙළෙන්දාගේ පිළිතුර විය.
ඇය ලොකු ජයග්‍රහනයක් ලැබූ පරිද්දෙන් එම තැඹිලි ටිකද ගෙන ඇගේ ලස්සන හුරුබුහුටි කාරයට ගොඩ වී ගියේ ඇගේ හොඳම මිතුරියව කාර් එකට නංවා ගැනීමේ අරමුණිනි.
මිතුරියගේ නිවස අසලට ගිය ඈ, මිතුරිය සමග හෝටලයකට යන්නීය. ඇය සහ ඇගේ මිතුරිය තමාට කැමති ආහාර එම හෝටලයෙන් මිලදී ගෙන, ඉතා සුළු ප්‍රමාණයක් කෑ අතර, කෑවාට වඩා ප්‍රමාණයක් ඉතුරු කරයි.
පසුව ඈ බිල ගෙවීමට යන අතර ඔවුන්ගේ කෑම සඳහා අය කිරීම වන්නේ රු.1400 කි. රු.1500 ක් දෙන ඈ එම හෝටලේ අයිතිකරුට පවසන්නේ ” ආ.. ඉතුරු 100 ය ඔයා තියාගන්න ” යනුවෙනි.
මෙය හෝටලේ අයිතිකරුට නම් අලුත් හෝ අමුතු සිද්ධියක් නොවේ. නමුත් අසරණ තැඹිලි වෙළෙන්දාගේ කෝණයෙන් බලද්දී නම් මෙය හිතට වේදනා ගෙන දෙන කරුණකි.
ඇයි අපි හැමවෙලේම දුප්පත් හා අසරණ වෙළඳුන්ගෙන් යමක් මිලදී ගන්නා සෑම අවස්ථාවකම අපිට බලය ඇති බවට පෙන්වීමට උත්සහ දරන්නේ ?
ඒ වගේම ඇයි අපි අපෙන් උදව් අවශ්‍ය නැති අයට ත්‍යාගශීලී වෙන්නේ ?