ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. අද ලියන්න යන්නෙ වෙනදට වඩා වෙනස් ටිකක් අමුතු මාතෘකාවක් ගැන. ඉගෙනගන්න එක කොච්චර වටිනවද කියල පොඩිකාලෙ ඉදලම අපිට තේරුනත් අවුරුදු 20 පැනලත් ඉගෙන ගන්න එකටම අපේ වයසයි මුදලුයි වියදම් වෙද්දි හිතෙනව මොන මගුලක්ද මේ කියල. සාමාන්‍යයෙන් විශ්ව විදාලයකට ඇතුලත් උනොත් අවුරුදු විසිපහෙන් වගේ උපාධිය අරගන්න පුලුවන්.උපාධිය අරන් ජොබ් එකකට ගිහින් යම් ස්තාවර පඩියක් ගන්න පුලුවන් තත්වෙකට එන්න අඩුම අවුරුද්දක්වත් තව යනව. ඊටත් වඩා ඉතින් 1st shy එකෙන්ම උසස්පෙල ගොඩදාගන්නත් ඕන. එතකොටම අවුරුදු 26ක් වෙලා. අවුරුදු 26 වෙනකන් අපි ගෙදරින් කකා බිබී තමයි ඉන්න වෙන්නෙ. අවුරුදු 26 වෙද්දිත් ජොබ් එකකට ගියාම ඊලගට තියෙන් වගකීම් අහස උසට.ගෙයක් හදාගන්න එක. වෙඩින් එකකට සල්ලි හොයාගන්න එක, තමන්ටම කියල බයික් කට්ටක්වත් ගන්න එක, ප්‍රදානම තුනක්. ඉතින් රටේ තත්වෙ එක්ක මේවයින් එකක් හරි කරගන්නව කියන්නෙ ලේසි පහසු දෙයක් නෙවෙයි.
බෝඩිමට වෙලා ඉද්දි අනන්තවත් යාලුවො එක්ක කතවෙන්නෙ මේ මගුල කරනවට වඩා ඒලෙවෙල් ෆේල් වෙලා කොරියාවට හරි ගියානම් මොකක් හරි කරගන්න තිබ්බ කියල. වෙලාවකට ඒකත් ඇත්ත කියල හිතෙන් නැතුවම නෙවෙයි . තියෙන ප්‍රශ්න තනියම කල්පනා කරනවා ඇරෙන්න ගෙදර මිනිස්සුන්ට කියල් එයාලවත් වට්ටන්න කිසිම කොල්ලෙක් කැමති නෑ ඒ හින්දම ගොඩක් උන් තනියම දරාගන්නව. ඒක ගැන ලස්සන කවියකුත් කියවන්න හම්බුනා.
අම්මගෙ පපුව උඩ තරම් ඕන පුතෙකුට
අඩන්න පුලුවන් තැනක් නෑ මුලු ලෝකෙම
පුතු හැඩුවොත් අම්මත් හඩනා බියට
තවමත් පුතුන් හඩනව හොරැහින් රෑට
ලංකාවේ ඉගෙනගෙන තැනකට ආපු මිනිස්සුන්ට සාදාරණයක් කරනවද කියල දෙපාරක් හිතන අවස්තා අනන්තනත් තියෙනව සයිට් එකක ඉද්දි . Site engineer කරන වැඩයි, ඒ මනුස්සය අවුරුදු ගානක් කට්ට කාල එක්ස්පීරියන්ස් හදාගෙනත් ඔවුන්ට ලැබෙන පඩිය ගැන බැලුවම හිතෙනව මේක තේරුම මොකක්ද කියලත්.
එහෙම බැලුවම මේ කවියෙ වැරැද්දක් කියන්නත් බෑ.
පසුම්බිය හිස් කල
තාත්තා ලෙඩකල
ජීවිතයෙ හොදම හරිය
කුටියක සිරකල
අපූරු සිරදඩුවමකි
උපාධිය.....