Best Of Master League

in hive-133716 •  21 days ago 

1000162199.jpg
source

ඉතින් Master League ඒ හොඳම මැච් ටිකක් තමයි මේ දවස්වල යන්නේ.කණ්ඩායම් සියල්ලම හොඳින් තරගාවලියට අවතීර්ණ වෙලාා ඉන්නවා.පළමු තරඟයම විශිෂ්ට සහ තරගකාරී ලෙස ආරම්භ වූ අතර තරඟයෙන් තරඟය කණ්ඩායම් සියල්ල එකිනෙකා අභිබවා යමින් විශිෂ්ට ලෙස තම දස්කම් නැවත නැවතත් පෙන්වමින් ක්‍රීඩා කරනවා.ජාත්‍යන්තර ක්‍රිකට් මේ තරම් කාලයක් ලස්සන කරපු legendary නම් දැරූ ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් මෙවර තරගාවලියට සම්බන්ධ වෙලා ඉන්නවා.ජාත්‍යන්තර ක්‍රිකට්වලට දැවැන්තම සේවයක් ඉටු කළ බ්‍රයන් ලාරා, සචින් තෙන්දුල්කාර් සහ කුමාර සංගක්කාර පිළිවෙලින් බටහිර ඉන්දීය කෝදෙව්ව, ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම් මෙහෙයවනවා.

පළමු තරඟයම අවාසනාවන්ත ලෙස ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ලද අමිහිරි පරාජයත් සමග තරගාවලියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්පසු ක්‍රීඩා කල තරග සියල්ලම විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේ අපේ කලින් ක්‍රිකට් නැවත නැවතත් මතක් කරමින්.ඉන්දියානු කණ්ඩායම ප්‍රබල ලෙස තරගාවලියට අවතීර්ණ වුණත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව නම් ඔවුන්ට අමිහිරි පරාජයක් ලක් කර ගැනීමට සිදු වුණා.ෂේන් වොට්සන් නැවත නැවතත් තමන් ඕස්ට්‍රේලියාවට බිහි වූ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා බව ඔප්පු කලේ තරගාවලියේ ඔහු ක්‍රීඩා කළ ඉනිම් හතරකදී තුනකම ශතක ලබා ගනිමින්.ඔහු අසාර්ථක වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි තරඟයෙන් පමණයි.ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම නම් දැනටමත් අවසන් පූර්ව වටයට තේරී පත්වීී හමාරයි.ඉතිං අපි බලමු අවසන් පූර්ව වටයට සම්බන්ධ වෙන අනිත් කණ්ඩායම් කවුරු වේවිද කියලා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!