Gerbera Plants

in hive-133716 •  3 years ago 

අද මම කතා කරන්න යන්නේ ජේබරා මල ගැන. ඉතින් මම ඔබට කියන්නම් ජේබරා මලකින් තවත් පැල ගොඩක් සදා ගන්නා ආකාරය.

1631174986692.jpg

මුලින්ම අපි ජෙබරා මලක් ගන්නට ඕනේ. මල් වර්ග දෙකක් ගන්න. ඉන් පසු පරාගනය කිරීමට එක මලක තිබෙන පරාග අරගෙන අනිත් මලට දැමිය යුතුයි. එය නිවැරදිව කිරීමට පින්සලක් ගන්න. කලු පින්සලක්නම් වඩාත් හොදයි. මොකද මල් වල පරාග කලු පින්සලෙන් අපිට පහසුවෙන් පෙනෙන නිසා. ඉන් පසු එම මල වටෙන් අල්ලා පොඩි කරන්න. පොඩි කරාට පසු. මලේ මැද තිබෙන පරාග අර පින්සලට හොදින් තවර ගන්නට ඕනේ. එම තවර ගත් පරාග අනෙක් ජෙබරා මලේ මැදට හොදින් තවරන්න.

මෙය සෑම වෙලාවකම කරන්නට පුලුවන් දෙයක් නෙමේ. උෂ්ණත්වය තිබෙන අවස්තාවලදී පමනක් මෙය සිදු කිරීම වැදගත්. මොකද අනෙක් වෙලාවට සිතලට එම පරාග එකට එකතු වෙනවා. ඒ වෙලාවට අපි පින්සලෙන් එම පරාග ගත්තත් එය කැටයක් සේ තමයි පින්සරට එකතු වෙන්නේ. එම නිසා උෂ්ණත්වය තියෙන අවස්තාවක මෙය ඉටු කරන්න.

මලක් පරාගනය කලාට පස්සේ. එම මල පරවූ විට අපිට පුලුවන් බීජ ටික ගන්න. මල පරවූ විට එම මලේ මැද තිබෙන බීජ ටික ගන්න. එම බීජ සෑම එකක්ම පැල වෙන්නෙ නැහැ. එම බීජ අතර තිබෙනවා වීඇටයක් සේ පිම්බී තිබෙන බීජ. ඒවා පමනක් ගන්න.

හරියට පරාගනය කර තිබෙනවා නම් මේ ඇට සෑහෙන ප්‍රමානයක් ගන්නට පුලුවන්. පරාගනය නොවුනු බීජ කෙදි සේ දක්නට ලැබේ. ඉන් පසු හොද පිරිපුන් බීජ අරගෙන කොහු බත් වල දමන්න. ඉන් පසු සතියකින් පමන පොඩි පැලයක් ඔබට දක්නට ලැබේ. සාමාන්‍යයෙන් කොල දෙකක වගේ පොඩි පැලයක් දක්නට ලැබෙයි. ඉන් පසු තවත් සයියක් පමන යන විට එය ඊට වඩා දෙගුනයක් විශාල වී තිබෙයි. ඔබ බීජ 100ක් පමන දැමූ විට සාමාන්‍යයෙන් පැල 80ක් පමන ගන්නට පුලුවන්.

ඉතින් ඔබට පුලුවනි. එම පැලයක් අරගෙන ඔබට කැමති තැනක හිටවගන්න. පෝච්චියක සහ ඔබට අදාල කැමති ස්තානයක සිටවා ගන්න හැකියාව ඇත. මෙයට අවුව අවශ්‍යයි. ඔබ මෙය නිවැරදිව කලොත් ඔබට මෙවැනි ආකාරයේ මල් ලබා ගත හැක. මා සිටුවා ගත් ජෙබරා මලේ ජායාරූප දමන්නම්.

1631174986686.jpg

1631174986675.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!