Steem srilankaප්‍රජාව ඔස්සේ සමාජයට වැදගත් සහ යහපත් පණිවිඩයක් ගෙන ඒමට අද මා බලාපොරොත්තු වෙනවා.අප අසා තිබෙනවා මිනිසෙකුට දැනෙන ලොකුම ගින්දර කුස ගින්දර බව. එබැවින් මහමග සිටින දුගී ජනතාවගේ කුසගින්දර එක් මොහොතකට හෝ නිවන්නට අප ගත් උත්සාහයකි මේ දක්වන්නේ.
මාගේ පියාණන්ගේ ජන්ම දිනය යෙදී තිබුණා.එබැවින් පියාණන්ගේ අදහසකට අනුව පවුලේ සියලු දෙනාගේ ඒකමතිකත්වයෙන් කුසගින්දරින් මහමග සිටින දුගී ජනතාව හට ඉතා රසවත් වූ ආහාර ලබාදීමට අපි සූදානම් කලා. දන් දීම යනු ඈත අතීතයේ සිටම අපගේ සියලු ආගම්වල සඳහන් වෙන පරිදි ඉතාමත් යහපත් ක්‍රියාවක් බව අප සියල්ලෝම දනිති. එබැවින් මෙම සත් ක්‍රියාව හට අප පවුලේ සියලු දෙනාම හැකි අයුරින් දායක වූවා. මෙදිනදී අපගේ සැලසුම වූයේ ආහාර පාර්සල් පනහක් දුගී ජනතාව වෙත බෙදා දීමයි.
අප සැලසුම් කළ පරිදි ආහාර පාර්සල් 50කට සරිලන පරිදි ඉතා රසවත් වූ බත් එකක් පිසගෙන එයට කැරට් ලීක්ස් හා සොසේජස් එකතු කරනු ලැබුවා.එසේ කිරීමෙන් අප බලාපොරොත්තු වූයේ සාමාන්‍ය බත් වලට වඩා දුගී ජනතාවට ප්‍රණීත ලෙස බත් එක පිසගැනීමටයි. මව ,පියා සහ සැමියා ඉතා උද්යෝග්‍යමත් ලෙස සහභාගි වුණා. ඉන්පසුව ආහාර වේලට එකතු කරන අනෙකුත් ව්‍යංජන පිස ගැනීමට අප සූදානම් වුණා.
එසේ හෙයින් දුගී ජනතාවට වුවද කලාතුරකින් හෝ කන්නට ලැබෙන ප්‍රණීත ආහාර වේලක් සකසා දීමයි අපගේ බලාපොරොත්තුව වූයේ. එසේ හෙයින් පහත සඳහන් ප්‍රණීත වූ ව්‍යංජන කිහිපය අප මෙම ආහාර වේල සඳහා එකතු කරනු ලැබුවා.
පරිප්පු.
චිලි පේස්ට්
බැදපු කුකුල් මස්
පිපිඤ්ඤා සලාද
මෙම ව්‍යංජන එකතුකර ආහාර පාර්සල් පනහක් අප සකසා ගනු ලැබුවා. අප මෙම ආහාර දුගී ජනතාව හට බෙදාදීමට යන අවස්ථාවේදී මා හට මගේ හොඳම යහළුවා මුණගැහුනා.මා නොසිතූ ලෙස ඇයත් මෙම සත් ක්‍රියාව හට දායක වීමට කැමැත්ත පළ කරා. එබැවින් ඇය විසින් මෙම කෑම පාර්සල් පනහ සඳහා අතුරුපස ලෙස යෝගට් පනහක් පරිත්‍යාග කරනු ලැබුවා.
අවසන් වශයෙන් මහ මඟ දුක් විඳින දුගී ජනතාව හට අප එම ආහාර පාර්සල් පනහ බෙදා දෙනු ලැබුවා.විශේෂයෙන්ම දුගී ජනතාව වුවත් ඔවුන්ගේ පෞරුෂත්වයට හා පෞද්ගලිකත්වයට හානි වන බැවින් ඔවුන්ට ආහාර බෙදා දීම ඡායාරූපගත නොකිරීමට මා විසින් වග බලා ගත්තා. උස ගින්නෙන් පෙළෙන දුගී ජනතාවට ආහාර ලබාදීමේදී ඔවුන්ගේ මුවගට නැගෙන සිනහව සහ අප ලබන ආත්ම තෘප්තිය කිසිවිටෙකත් මිල කළ නොහැක. මා විසින් ඉදිරියටත් මෙවැනි සත් ක්‍රියා කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.තවත් දවසක මෙවැනි වූ යහපත් ක්‍රියාවකින් නැවත මුණ ගැසෙමු.
ඔයා දන්නවාද කුණු ට්‍රැක්ටර් වල වැඩ කරන මිනිස්සුන්ට ඔය වගේ කෑම පාර්සල් හදල දෙන එක හරි වටිනවා. මොකද හිඟන්නෝ නිකන් ඉදගෙන කන්නේ. ඒත් නගරසභාවේ වැඩ කරන පාර අතු ගාන මිනිස්සු අපි වෙනුවෙන් කරන සේවය වගේම එයාලගේ දරු පවුල වෙනුවෙන් කරන ඒ කැප කිරීම නිසා බොහෝ වෙලාවට ඒ මිනිස්සුන්ට කන්න නැහැ. මම ඉස්සර ඔෆිෂ් යන කාලේ මගේ අම්මගේ සහ තාත්තගේ ජන්ම දින වලට කොළඹ නගර සභාවේ වැඩ කරන අයට කෑම පාර්සල් පහක් හෝ දහයක් හදල ගෙනිහින් දෙනවා.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඇත්තෙන්ම ඔව් එවැනි මිනිසුන් වෙනුවෙන් එහෙම සත්කාරයක් කරන එක ඉතා වටිනවා වගේම එකෙන් අපේ හිත් වල සතුටත් වැඩි වෙනවා. ඔයත් ගොඩාක් කරුනාවෙන් පිරුන කෙනෙක් කියලා මම හිතනවා. ස්තූතියි
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හිත සුවපත් කල ඔබේ වදන් වලට මගේ ප්‍රණාමය
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
It's inspiring to see your family coming together to make a positive impact on your father's birthday. Great work!
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Actually, that idea was something that my father himself intended. You can get great happiness and mental satisfaction from that action. Thank you for commenting
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you, friend!


I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
please click it!
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)
The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Upvoted! Thank you for supporting witness @jswit.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Yahapath kriyaawaka...Agaya kalayuthu mai...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
බොහොම ස්තූතියි 🙏
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit