මෙලොව කල පව් මෙලොවදීම පඩිසන් දුන්නා...|5% For SL-Charity

in hive-133716 •  3 years ago 

ඊයේ 2022.05.09 යි. 2019.04.19 දින මෙන් කිසිදා අමතක නොවන තවත් දිනයක් අපි හැමෝගෙම හිත් වල සටහන් වී අවසන්ය.


Source

හැමදාම වගේ ඊයේත් රාජපක්ෂලා බල තණ්හාව වෙනුවෙන් කන්න බොන්නවත් නැති අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරා. රටේ නීතිය හා සාමය රකින්න සිටින පොලිස් නිලධාරීන් ද මේකට උදව් කරපු එක ඇත්තටම ලැජ්ජාවට සහ කනගාටුවට පත්විය යුතු කරුණකි. උන් ටික මාසයක් තිස්සේ Galle face එකට වෙලා උන්ගේ අධ්‍යාපනය, රස්සාව නැති කරගෙන රාජපක්ෂලා විරුද්ධව සාමකාමී විරෝධතාවක් දියත් කලේ රට වෙනුවෙන්. මුලු රටේම ජනතාව වෙනුවෙන්. එහෙම කැපකිරීමක් කරපු කොල්ලෝ කෙල්ලෝ ටිකට කඩු පොලු අරගෙන තිරිසන් විදියට පහර දෙන්න තරම් උන් තිරිසන්නු වුණා.

Source

රාජපක්ෂලා කියන්නේ බල තණ්හාව වෙනුවෙන් ඕනම නරැම වැඩක් කරන තිරිසන් ජාතියක් කියලා ඊයේ අපි හැමෝම දැක්කා. රැ 5000 ටයි අරක්කු බෝතලයටයි බත් පැකට් එකටයි තමන් ඉපදුන රට පාවා දුන්න, අර කොල්ලෝ කෙල්ලෝන් ට පහර දුන්න තිරිසන්නු ටිකටත් හවස් වෙනකොට දෙන්න ඕන හොදම විදියට පිලිතුරු දුන්නා. 1994 ඉදන් ම මිනිස්සු රවට්ටගෙන බය කරගෙන රාජපක්ෂලා රටේ බලය ඔවුන්ගේ අතේ තියාගෙන කරේ මැර දේශපාලනයක්. ඒකට හොදම උදාහරණයක් තමයි පාස්කු බෝම්බ ප්‍රහාරය. මුන්ගේ ඒ තිරිසන් වැඩ නිසා එදත් අහිංසක මිනිස්සු කී දෙනෙක් නම් මිය ගියාද. හැබැයි අද රටේ මිනිස්සු බොහෝමයක් දෙනා ඒ හැමදේම දන්නවා. දැන් රටේ මිනිස්සු මෝඩ නෑ. උන් බයත් නෑ මෙතනින් එහාට. හොදින් කිව්වා රට විනාශ කරන්න එපා මහින්ද මහත්තයෝ කියලා. උන් කනකට වත් ගත්තෙ නෑ. ඊට පස්සේ පාරට බැහැලා කිව්වා. ඒත් ඇහුවේ නැහැ. බැරිම තැන අර කොල්ලො කෙල්ලො ටික Galle face එකට වෙලා හිටියා මුන් ගෙන් කොහොම හරි රට බේර ගන්න ඕන කියල හිතන්. අන්තිමට මුන් කරේ උන්ටත් ගහපු එක. අද වෙනකොට එතන හිටපු එක කොල්ලෙක් ජීවිතෙන් සදහටම සමු ගත්තා. උගේ නම අනුරංග. තව කිහිප දෙනෙක් රෝහලේ.

Source

ඒ ඔක්කොටම හරියන්න රටේ මිනිස්සු රාජපක්ෂලා ගෑවුණු ගෑවුණු තැන් විනාශ කරන්න පටන්ගත්තා. මේ වන විටත් ඔවුන් ගේ දහස් ගණන් දේපල විනාශ වී අවසන්ය.

image.png
Source

Source

උන් හිතුවේ රටේ මිනිස්සු මෙච්චර කල් මෝඩයෝ වගේ හිටිය නිසා ඉස්සරහටත් එහෙම ඉදීය කියලා. හැබැයි ඊයේ පෙන්නුවා ජනතාවගේ බලයට හැමදේම යටයි කියලා.බල්ලෝ බලල්ලුන්ට වගේ ගැහුවේ උන්ට. මම හිතන්නේ මෙතනින් රාජපක්ෂලා ගේ කතාව ඉවරයක් ම වෙයි කියලා. හැබැයි තව දෙයක් තියනවා. මෙතනින් පස්සේ පක්ෂ පාට අදාල නෑ. කවුරු ආවත් හරියට රට නොකලහොත් උන් ට වෙන්නෙත් මේ ටිකම තමයි...

-Ransika😢

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

අර අහින්සක කොල්ලො කෙල්ලොන්ට ගහපු අයට මේ රටේ ප්‍රශ්න නැතුව ඇති ගෑස් , පෙට්‍රල් , කිරිපිටි ගන්න එහෙම පෝලිම් වල ඉන්න ඕන නැතුව ඇති , බඩුමිල එහෙම ඒගොල්ලොන්ට අවුලක් නැතුව ඇති ඒකනෙ ඔච්චර තිරිසන් විදියට හැසිරුනේ 😒

Ara rs 5000tai gal bothaletai ne

උගේ නම අනුරංග.

නෑ එයා මැරිලා නෑ.

හරියට රට නොකලහොත් උන් ට වෙන්නෙත් මේ ටිකම තමයි...

That's the thing.

Eya maruna kyl thbbne. Mulin na kuw. Paralise wela idl psse nthi una