අප ප්‍රේම කරන දුශෙයින් | පලමු ගුරුවරයා

in hive-133716 •  3 years ago 

පහු ගිය දවස් වල පොත් මිල දිගන්න පුරුද්ද නිසා ආයෙමත් කලින් කියවූ පොත් කිහිපයක් කියවීමට සිතක් ඇති වුනා.

පොත් සාප්පුවේ රාක්ක අතරින් ඇගිලිතුඩු දුවවමින්, මා අතීතය හාර ඇවිස්සුවේ මා ප්‍රේම කරනා පොත් සිහි කරගැනීමටයි. කෙදිනකවත් අමතක කල නොහැකි ඒ ප්‍රේම කතාව දුටුවනම මා එතෙකින් නැවතී, එයත් රැගෙන පැමිනුනා.

f08abf9e-e7b0-4fff-92d1-857dfc0a0460.jpeg

පලමුවරද, දෙවන වරද සේ කියවූ සෑම අවස්ථාවකම එකසේ දැනුන, එකසේ ප්‍රේම කල මාගේ නොවන, මාද ප්‍රේම කරන ඔවුන් ගේ කතාව.

පාඨකයා අනුව සෑම කතාවකම විග්‍රහය වෙනස් වනු ඇත. එකම පාඨකයා වුවද, කියවන අවස්ථාව අනුව විග්‍රහය වෙනස් වනු ඇත. මෙය මාගේ විග්‍රහයයි. මේ මාහට ඔවුන් ගේ කතාව දැනුන අයුරුයි.

මෙතැන් පටන් මා ලියන ඡේදයන් ගේ සරලම කෙටිම සාරාංශයනම්, මෙය ආත්මාර්ථයෙන් එහා ගිය මා දුටු සුන්දරම පිවිතුරු ප්‍රේමයයි.

අල්තීනායි-දුශෙයින් යුගල ඇසීමත් මා තුල අමුතුම හැඟීම් සමුදායක් ඇති කිරීමට සමත්. ඔවුන් එකිනෙකාට ආලය කලා. වචනයෙන් නොපැවසූ ඒ ආලය දෙදෙනාම දැන සිටි බව විශ්වාසයක්.

අල්තීනායි
නුඹ තරම්,
දුශෙයින් වැනි
පිවිතුරු ආදරයක් ලැබූ
තවත් ගැහැනියක
මෙලොව සිටී දැයි නොදනිමි

දුශෙයින් තරම්
කැප කිරීමක් කල හැකි
තවත් ප්‍රේමවන්තයෙක්
මෙලොව සිටී දැයි නොදනිමි

ඒ අහිංසක ප්‍රේමය
පොප්ලර් ගස් සිඹින සුලඟ
රහසක්ව නොතියා
හැමටම කියාවි

දුශෙයින් ඔබට ඇය ඔබ ලඟින්ම තබා ගතහැකිව තිබුනත්, ඇය ඔබට ප්‍රේම කරන බව පැවසුවත්, ඇයට යන්නට දිය හැකිතරම් ඔබ ප්‍රේම කලබවට මා කැමැත්තෙමි.

අල්තීනායිගේ ජීවිතයේ හැරුම් ලක්ශය ඔබයි දුශෙයින්. ඇය මහාචාර්‍ය අල්තීනායි වූයේ ඔබේ අති මහත් ප්‍රේමය නිසාවෙනි.

ඔබේ කතාව ඒ පොප්ලර් ගස් දෙක ස්ටෙප්ස් තණබිමටත් ඉන් ඔබ්බටත් රැගෙන ආ බව නිසැකයි. පොප්ලර් ගස් පසු කර එන සුලඟට සියල්ලන්ම ඇහුන්කම් දුන් බව නිසැකයි.

ඉතිං දුශෙයින්,

ඔබට ප්‍රේම කරන්නේ ඔබේ අල්තීනායි පමනක් නොවේ. අප සියල්ලන්ම ඔබට ප්‍රේම කරන්නෙමු. දුශෙයින් ඔබ කැපකිරීම් කල තවත් එක් ප්‍රේමවන්තයෙක් නොවේ. ඔබ දුශෙයින්... වෙන කිසිවෙකුට විය නොහැකි දුශෙයින්.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

eka kiywaddi ayama potha hoyan kiyawanna hithuna mata😊

Kiyawanna kiyawanna 😁

ලස්සන රිවීව් එකක්. ඒක හැමදාම මගේ ආසම පොත් වලින් එකක්❤

Thanku. Poth kiyawan godak ayage kemathima kathawak wenna ati.

Adhas eli dakwanna amarui...Hebei lasaanata liyala thiyenawa machan...

Thank you ayya. Adahas dakwanna bari kiyawala nati nisa nemei nh?

This brought me to the first time when I enjoyed reading the book. Touchy review akka...... I enjoyed reading your ideas...

Thank you so much. I always felt this story as a pure love story.

ඉස්සර අපේ අත් පොත වගේ. තාම දෙබස් මතකයි පේලි පිටින්ම ❤

Amataka wenne nati lassana kathawak 🥰

බහුතරයක් ආසා කරන පොතක්

Aniwaryen

Mn meka aye kiyola kohomahari therum gannawa....

Potha genat dennm 😁

ඇත්තටම මම පොත් කියවන කෙනෙක් නම් නෙමේ. ඒත් යාලුවෙක් දුන්නා, මීට අවුරුදු දෙකකට විතර කලින් මේ පොත මට කියවන්න කියලා. ඒකත් එව්වෙ මට PDF විදියට, ඒ දවස් වල රටේ කොරෝනා නිසා curfew දාලා තිබ්බෙ.

ඉතින් කියන්න සතුටුයි, මම දැනට කියවපු එකම පොත. කතාව නම් ගොඩක් ලස්සනයි. ඒ යාලුවටත් ස්තූතියි...