කාසි කතා | 10% for SL-Charity

in hive-133716 •  3 years ago 

IMG_20220116_082947.jpg

බස් ගාස්තු වැඩි වුණත් හරි මගේ බෑග් එකේ පොකට් කාසි වලින් පිරෙන්න ගත්තා. පුංචිට දීලා මාරු කර ගන්න පුළුවන් කම තිබුණත් මම ඒවා එකතු වෙන්න ඉඩ ඇරියේ ගෙදර තියෙන මගේ සල්ලි කැටේ මතක් වුණ නිසා. ඉතින් ලැබුවා වූ මේ නිවාඩුවේ (🤭) කාලෙකට පස්සේ ගෙදර එන්න අවස්තාවක් මටත් ලැබුණා.

ඉතින් එකතු කරන් හිටිය ඉතුරු කාසි ඔක්කොම මගේ සල්ලි කැටේට දාපු එක තමා මගේ ප්‍රථම රාජකාරිය වුණේ. "තමුසේ පොඩි එකෙක් වගේ ඕයි........" ඒක දැකපු මල්ලි එයාට හිතට ආව දේ වචන වලට හැරෙව්වේ එහෙමයි. අපි ආසවට විනෝදාංශයක් විදියට කරන දේවල් වලට කොහෙද තියෙන්නේ වයසේ බලපෑමක්...?? 🙊

SquareBlend_2022116103528945.jpg

ගෙදර ආවාම තමයි හුස්ම හරියට ගැනෙන්නේ... ජීවත් වෙනවා කියලා දැනෙන්නේ... ඔය ෆොටෝ වල තියෙන්නේ අපේ වත්තේ පිපෙන මල්. ඔය මල් ගැන මම ඒ දවස් වල මොන තරම් ලියලා ඇතිද... ඔයාලට මතකත් ඇති... ඒත් කාලෙකට පස්සේ ආයෙමත් මේ මල් දකිද්දි දැනෙන හැගීම තමයි මාව ,

ගෙදර ආවාම තමයි හුස්ම හරියට ගැනෙන්නේ... ජීවත් වෙනවා කියලා දැනෙන්නේ...

මෙහෙම හිතන්න පෙළඹුවේ....❤️

IMG_20220116_083054.jpg

ඉතින් ආයෙමත් කාසි කැටේ ගැන කිව්වොතින් කාසි කැටේ නම් හොදටම පිරිලා. ඒ කියන්නේ ආයිත් අලුත් කැටයක් හොයා ගන්න කාලේ හරි. ඔය අතරේ මට හිතුණා මම එකතු කරපු කාසි ටික බලන්න. පුංචි කාලේ ඉදන් එකතු කරපු එක එක ජාතියේ කාසි අතරේ කවදාවත් ඇරලා බලපු නැති කාසි පෙට්ටි තුනකුත් මම ලග තිබුණා.

ඒ අපේ සීයගෙන් අපේ පුංචිට හම්බුණු කාසි එකතුව.. ඔව්.. පුංචි ඒක මට දුන්නා.. හැබැයි කවදාවත් මම ඒ කාසි පෙට්ටි ඇරලා බැලුවේ නෑ. ඔන්න අද තමයි දවස මම ඒ කාසි පෙට්ටි මුලින්ම ඇරලා බලපු.

IMG_20220116_125331.jpg

ඔය මුලින්ම තියෙන කාසි පෙට්ටි තුන තමයි මට පුංචි දුන්නේ කාලෙකට කලින්. මගේ කාසි එකතුවේ නැති අලුත් කාසි ගොඩක් සීයගේ කාසි එකතුවේ තියෙනවා. ඒ අතරේ පිටරට කාසි වරගත් තියෙනවා. මට අවුරුදු නමයෙදි තමයි සීයා නැති වෙන්නේ. සීයා එක්ක තිබුණ ලස්සනම මතකේ තමයි මම චූටි කාලේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකන් සීයා දවල්ට නොකා ඉදපු එක. ඉතින් අද මම සීයා ගැන ගොඩක් පුදුම වෙනවා...❤️

කාසි එකින් එක බලද්දි ඒවයි අවුරුද්ද බලද්දි හරිම අමුතු සතුටක් දැනෙන්නේ. සමහර කාසි පරණ වැඩි කමට ඒවයි හැඩ සමතලා වෙලා. සමහර කාසි අපිරිසිදුයි. ඔයාලා දන්නවද පරණ කාසි පිරිසිදු කරන වෙනමම විශේෂ විදියක් ඒවට හානියක් නොවී??

IMG_20220116_133406.jpg

මුලින්ම මට ඕනි කරන්නේ මේ කාසි පිරිසිදු කර ගන්න. මොකද එතකොට තමයි ඒ කාසියේ විස්තරේ හොයා ගන්න ලේසි වගේම මම හොයා ගන්න දේවල් ඔයාලා එක්ක බෙදා ගන්නත් ලේසි. ඉතින් මගේ නිවාඩුව මේ කාසි එක්ක ගත කරන්න මම හිතා ගන්තා.

ඔය අතරේ අම්මා මට දෙයක් ගෙනැල්ලා දුන්නා. ඇත්තටම මම ගොඩක් පුදුම වුණා ඒක දැකලා. ඒක රුපියල් පන්සීයේ කාසියක්. ඔයාලා නම් සමහර විට මීට කලින් ඒක දැකලා ඇති. ඒත් මම නම් පලවෙනි වතාවට දැක්කේ. අම්මාට ඒ කාසිය දීලා තියෙන්නේත් පුංචි.

IMG_20220116_134122.jpg

මේ කාසිය වෙනම පුංචි පෙට්ටියක දාලා තියෙන්නේ. කාසිය නිකුත් කරලා තියෙන්නේ 1990 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හතලිස් වෙනි සංවත්සරය වෙනුවෙන්. දැන් ඒ කාසියත් මගේ...🙊

ඉතින් මේ වගේ කාසි ගැන විස්තර ගොඩක් ඔයාලා එක්ක බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා මගේ කාසි එකතුවත් එක්ක. එතෙක් හැමෝටම , සුභ දවසක්....

-සඳුපි-
💚

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

මගෙ දෙයියනේ..500යෙ කාසියක්..මං දැක්කෙත් අදනෙ....
අර voc කාසි ටික..වටිනව ඇති සෑහෙන්න

තමුසේ පොඩි එකෙක් වගේ ඕයි........" ඒක දැකපු මල්ලි එයාට හිතට ආව දේ වචන වලට හැරෙව්වේ එහෙමයි.

oya oyage widiyata inna. e oyamai.

soi ane. awurudu 9 di hambuna eka danda erala baluwe? 🙈 eka nam wenasma feeling ekk wenn ona

ඇත්තටම ගෙදර ගියාම තමයි නිදහසේ හුස්මක් හරි ගන්න පුළුවන්නේ.

ඔය පරණ කාසිපරිස්සම්ම් කරලා තියාගන්න.. ඉස්සරහ ට ඕවගේ වටිනාකම් වැඩි වෙනෝ.. දැනටමත් වැඩි වෙලා තින්නේ..

පරන කාසිනම් මං ගාවත් ඇති අරන් තියල 🙈😍

Mama 500 kasiya dakket meken. Parana kasinm dan hoyannat naha.

Mage bank eken hambuna kate purawanne ape amma. hikz.

මේ විනෝදාංශෙ ටිකක් වෙනස්.විශේෂ
වර්ගවල කාසි හැර ඉතිරි කාසි බැංකුවට දීලා නෝට්ටුවලට මාරු කරගන්න හිතෙන්නෙ නැද්ද ?😁

ගෙදර ආවාම තමයි හුස්ම හරියට ගැනෙන්නේ... ජීවත් වෙනවා කියලා දැනෙන්නේ..

ඒකනම් සහතික ඇත්ත කතාව. ගෙදර තරම් හොද තැනක් තවත් නෑ..

මගෙ ගාවත් කාසි ගොඩක් දාපු කැටයක් තීනව.සමහරදාට තාත්තගෙන් ඉල්ල්ගෙනත් මේකට දානව..ලගදිම මටත් ගනං කරන්න වෙයි වගේ.😉

Man gawt thiyenw podi kasi ekathuwak 🥰

මාත් කාසි එකතු කරන්න කියල ගන්නව. ටික දවසකින් කැටේ හොයාගන්නත් නෑ 😄😄😄😬