පළවෙනි වතාවට | 5% For SL-Charity

in hive-133716 •  3 years ago 

ගිය අවුරුද්දේ මේ අවුරුද්දට කියලා මුලින්ම කරේ විස්සයි විසිදෙකේ කැලැන්ඩරේ අරන් නිවාඩු දවස් ගැන හොයල බලපු එක. ( මම වගේ තව අය සිටීද?? ) ජනවාරියේ එකදිගට තිබුණ නිවාඩු හතර ගන්න බැරි වුණත් හෙටින් ඇරඹෙන දවස් තුනේ නිවාඩුව නම් හරි ලේසියෙන් ගන්න පුළුවන් වුණා.

ඉතින් දවස් තුන උපරිමෙන්ම ගත කරන්න තමයි මට නම් ඕනි. හෙට උදේම ගෙදර එන්න කියලා අම්මා කිව්වත් දහසක් බැනුම් අහගෙන ඔෆිස් එකෙන් ඕෆ් වෙලා ඇවිත් කෙලින්ම නැග්ගේ ගාල්ල බස් එකක. බස් එකේ සීට් ගානට සෙනඟ. අඩුත් නෑ. වැඩිත් නෑ. ජනේලේ ලග සීට් එකක් හම්බුණු එකම වාසනාවක්.

IMG-20220203-WA0002-01.jpeg

ඔව්! මේ මගේ පළවෙනි අත්දැකීම. රෑ වෙලා බස් එකක තනියම යන. ඉතින් මම ඒ අත්දැකීමට හරි ආදරෙයි. මගේ බෑග් එක නම් පොඩි වුණාට මොකද ගොඩක් අයගේ බෑග් ලොකුයි. නිවාඩුවට මම වගේ ගෙදර යනවා ඇති...❤️ සැනින් සැරේට අම්මගෙන් එන කෝල් එක, මාව ගන්න අම්බලන්ගොඩ ස්ටෑන්ඩ් එකේ බලන් ඉන්න මල්ලි , මට ගෙදර යන්න තියන ආසාව තවත් වැඩි කරනවා.

පාර බැලුවම මේ වගේ පාරක ද වෙනත් ගියේ වගේ හැගීමක් දැනෙනවා. දැන් නම් ෆෝන් එක පැත්තක තියලා අවදානෙන් ඉන්න එක තමයි හොදම දේ. ටික ටික මගේ ගමනාන්තයට ලං වෙනවා...


කිසිම කරදරයක් නැතුව මල්ලි මාව ගෙදර එක්කන් ආවා. හරිම ලස්සන දවසක් විදියට ඊයේ දවස මට හැම දාටම මතක හිටීවි. ගෙදර ආව ගමන් ජිමී තමයි මාව හොදටම පිලිගත්තේ...❤️

IMG_20220204_083005.jpg

මහන්සියට ඉක්මනින්ම කාලා බීලා ඇඳට ආවා විතරයි මතක. උදේ නැගිටිද්දි වෙනමම ලෝකයක්. වෙනදට උදේ පාන්දර නැගිට්ටත් කොළඹ රටේ නැති සීතල මගේ පුංචි ගමේ උදේ අටට නමයට නැගිට්ටත් තියනවා.

IMG_20220204_090545.jpg

ජීමී දැන් තාත්තා කෙනෙක්. ඉවසිල්ලක් තිබුණේ නෑ ජිමීගේ පැටව් ටික දකිනකන්. ඔන්න ඉතින් අද මේ පුංචි බටු ඇට ටික එහා මෙහා දුවනෝ වයින් කරපු සෙල්ලම් බඩු වගේ. ජිමී එයාලා එක්ක සෙල්ලම් කරනෝ. මාව එයාලට අලුත්. පේනෝ නේද... එයාලා ඈත් ඉදන් මම දිහා බලන් ඉන්නවා...

IMG_20220204_091130.jpg

හැත්තෑ හතරවෙනි නිදහස ලෝකෙට පේන්න අභිමානෙන් එයාලා සමරද්දි ඒ ගැන වගේ වගක් නැති මම දන්දින අල පොලුයි එක්ක කාලා මගේ දවස පටන් ගන්න හදන්නේ. (දන්දින අල කන්නෙත් පලවෙනි පාරට)

හැමෝටම සුභ දවසක්..

-සඳුපි-
💚

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

ජනේලෙ අයිනෙ සීට් එක... ඒක වෙනම ෆීලින්ග් එකක් 🙊 ඉස්සර හැමදාම හවසට ගෙදර ගියත් දැන් කාලෙකට පස්සේ ගෙදර යන තරමට කාර්යබහුල වෙලා. තව ටික දවසකින් මටත් එහෙම වෙයි. 🥺

දන්දින අල පොලුයි එක්ක

අඩේ මරු කෑමක්නෙ,

( මම වගේ තව අය සිටීද?? )

sitii sitii. scl eke clz eka athuganna dagaththa dawase auruddata niwadu kochchr thiynwd kiyl mn nm bluwe

රාජ අල කියන්නෙ ඒවට නේද.
කාලෙකට පස්සෙ ගෙදර යනවා කියන්නෙ වෙනමම ෆීලීන් එකකට. නිවාඩුව හොඳට ගත කරන්න.😍

Reta bus ek yanwa kiyanne hoda meteren innona. yantam ninda giyot wena kohe hri tamai bahinna wenne 😅. Nidahas dwase gedara inna eka tama hodama nidahasa.

Gdr awa kiyanne ethin Diwiya loke awa wage thamai ethin.

වෙනදට උදේ පාන්දර නැගිට්ටත් කොළඹ රටේ නැති සීතල මගේ පුංචි ගමේ උදේ අටට නමයට නැගිට්ටත් තියනවා.

anna eka nam lassana feeling ekak. ekane mn kohe giyath aye ikmnta gedara enne