Rubik's Cube

in hive-133716 •  2 years ago 

SPUD4STEEM (1).png

මටත් කාලයක් තිස්සේ ලොකු ආසාවක් තිබුනා Rubik Cube එකක් අරන් විසදන්න. පොඩි කාලේ මට මතක විදියට මයිලෝ පැකට් එකකත් Rubik Cube හම්බ වුනා.ඒ දවස්වල නම් ඒ ගැන තේරුමක් නැනි. ඔයාල ගාවත් මේ වගේ Rubik Cube තියෙනවා ඇති.

ඉතින් Rubik Cube වල ඉතිහාසය ගත්තහම මේක නිර්මාණය කරන්නේ 1974 Erno Rubik විසින් ,

erno-rubik.png
www.salon.com

එයා ගෘහ නිර්මාණ ශිල්පියෙක් ,මෙයාට අවශ්‍ය වෙනවා ත්‍රිමාණ ජාමිතික හැඩයන් පැහැදිලි කරන්න ආකෘතියක් , මේ සඳහා තමයි Rubik Cube එක නිර්මාණය කරන්නේ. හැබැයි ලොකේ පලවෙනි වතාවට Erno Rubik නිර්මාණය කරපු cube එක විසදන්න තමාටම මාස තුනක වගේ කාලයක් ගත වුනා කියල තමයි කියන්නේ.

දැන් නම් Rubik Cube එක භාවිත කරන්නේ games වලට විතරයි. මේ Cubes විවිධ ආකාරය ට වගේම විවිධ ප්‍රමාණ වල ඒවත් දැන් ගන්න තියෙනවා.

rubik.jpg

popularmechanics.com

මුලින් ම Rubik Cube එකක් ගන්න කෙනෙකුට නම් හොදම 3x 3 තමයි.
මේ Cube එකේ Cubes 54 තියෙනවා. පැති හයක පාට හයකින්.සාමාන්‍ය Rubic Cube එකක නම් නිල් , කොල , රතු , තැබිලි,කහ සුදු වලින් තමයි තියෙනිනේ.

Rubik cube වේගයෙන්ම විසඳලා world record තියපු අයත් ඉන්නවා.

මම මුලින් කිවුව වගේ Rubik Cube එකක් විසදන්න මටත් කාලයක තිස්සේ ඉදන් ලොකු ආසාවක් තිබුනා. ඉතින් දැන් මාස දෙකකට විතර කිලින් මාත් 3x3 Rubik cube එකක් අරන් විසඳන්න try කරත් පලවෙනි පාර විසදන්න නම් දවසක් විතර ගියා. දැන් නම් විනාඩි 3 කින් වගේ විසදන්න පුලුවන් .

ඇත්තටම අපි හිතුවට අමාරු වැඩක් කියල මේ cube විසදන්න pattern තියෙනවා. ඔයාල කැමති නම් ඒ ගැනත් post එකකින් ලියන්නම්.

ඒ වගේම Rubik Cube වලින් විවිධ නිර්මාණ කරන ලංකාවේ YouTube channel එකකුත් තියෙනවා. ඒකේ link එක පහලින් දාන්නම්.

ඔයටත් Rubik cube එක විසදන්න පුලුවන් ඇති , තරග වලටත් සහභාගි වෙලා ඇති.. ඒ ගැන අත්දැකීම් පහලින් comment කරන්න අමතක කරන්නත් එපා…

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

රුබික් කැට හදන්න නම් දන්නේ නෑ අෆ්ෆා. ඒත් එයින් එකක් අතට ගත්තම අමුතු ෆීලින් එකක් එනෝ. 😂

😁, එකනම් ඇත්ත.

මං නම් කවදාවත් හරියට හදලා නෑ ඕක ☹️

මුලින් නම් ටිකක් අමාරුයි,පුරුදු උනාම වැඩේ ලේසියි..

ඇත්තටම අපි හිතුවට අමාරු වැඩක් කියල මේ cube විසදන්න pattern තියෙනවා.

Ehemada.. mtath thibba oin ekak. Mata therune na eka karanna. Atha erala damma epara

A patterns ganath liyala thiyanna. Apatath karnna puluwan ethakot

Patterns ගැන එකකුත් ලියල දාන්නම්..

මමත් Video එකක් බලල patterns ඉගෙනගත්තෙ. හැබැයි ඒ පිලිවෙලටම කරනකොට විනාඩි 3ක් වගේ යනව. හැබැයි ටික කාලයක් ගියාම cube එක දිහා බලලා steps ගාන අඩුවෙන් කරන්න try කලා මම. සමහර steps skip කරල විනාඩි 2කටත් අඩුවෙන් හදන්න පුලුවන්.

දැන් නම් විනාඩි 3 කින් වගේ විසදන්න පුලුවන් .

හොද improvement එකක් නේ . මටත් ආසාවක් ආවා ට්‍රයි කරලා බලන්න