ආග්නේය,අවසාදිත සහ විපරීත යන
ලෙස පාෂාණ තුන් වර්ගයකට අයත්වේ.ආග්නේය පාෂාණ වර්ගයක් වන ග්‍රනයිට් හෙවත් කලුගල් අප රටෙහි බහුලව ඇත.ග්‍රැනයිට් තුළ අඩංගු ඛණිජ,ක්වාට්ස් හෙවත් තිරුවානා,පෙල්ස්පාර් සහ මයිකා වේ.මෙම ඛණිජ හදුන්වන්නේ අත්‍යවශ්‍ය ඛනිජ ලෙසය.
ක්වාට්ස් හෙවත් තිරුවාන ජීර්ණය වීමෙන් බොරලු,වැලි ආදිය ද,පෙල්ඩ්ස්පාර් ජීර්ණය වීමෙන් මැටි ද සෑදෙන බව ප්‍රකශ වේ.මයිකා යනු තලාතු මිනිරන් වේ.ඉහත සදහන් පාෂාණ ඛනිජ පමණක් නොව අපගේ භූමිය තුළ අති විශාල වශයෙන්
ඇපටයිට්,කැල්සයිට්,ඩොලමයිට්,මිනිරන්,ඉල්මනයිට්,රූටයිල්,සිලිකා වැලි සහ සර්කෝන් යන කණිජ වලින්ද අනූනය.
ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ද උසස් මට්ටමින් සිදුකෙරේ.මුහුදෙන් ලැබෙන වැලිද ඛනිජ සම්පතකි.සිමෙන්ති,වීදුරු හා වැලි කඩදාසි නිශ්පාදනයට වැලි අවශ්‍යය.
මුහුදු වෙරළ තුල ඛනිජ වැලි වල ඉල්මනයිට්,රූටයිල්,සර්කෝන්,ගාර්නට්,මොනසයිට්,සිලිමනයිට් වැනි වටිනා ඛනිජ සම්පත් ඇත.ඉල්මනයිට් බහුලවම හමුවන්නේ පුල්මුඩේ වෙරළෙනි.මෙය අප සතු වටිනාම ඛනිජ සම්පතකි.ගාර්නට් බහුලව ඇතිවිට වැලි රතුපාට වේ.හම්බන්තොට ,තංගල්ල ,කිරින්ද යන පැතිවළ ගාර්නට් අඩංගු වැලි ඇත.කෑම රසවත් කිරීමට ගන්නා ලුණු හෙවත් සෝඩියම් ක්ලෝරයිඩ් ද අපට සාගරයෙන් ලැබෙන ඉතා වටිනා සම්පතකි.ඒ ඇසුරින් කරන නිෂ්පාදන බොහෝය.සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්,සෝඩියම් කාබනේට්,සෝඩියම් බයිකාබනේට්,මීට අයත්වේ.