ජෝතිර්වේදයට අනුව සුභ මොහොත ගැන නැතහොත් සුභ මුහුර්තය ගැන කතා කරනු දැකිය හැකියි.ඒ අනුව දරුවන්ට අකුරු කියවීමේදී ,විවාහයේදී,ගෙට ගෙවැදීමේදී ආදී වශයෙන් ජනතාව සුභ මොහොතට අනුව ක්‍රියා කරනු දැකිය හැකියි.
ඒ වගේම එදිනෙදා ජීවිතයේදී මිනිස්සු එකිනෙකාට තම සුහදත්වය පලකිරීමේදීද මේ සුභ මොහොතට අනුව යම් යම් ප්‍රාර්ථනා කරන ආකාරයද අපට දැකිය හැකියි.සුභ උදෑසනක් වේවා!සුභ දහවලක් වේවා!සුභ සැන්දෑවක් වේවා!සුභ රාත්‍රියක් වේවා!ආදී වශයෙන් ජනතාව එකිනෙකාට සුභ පතා ගනිති.මෙම සුභ පැතීම් වලින් මිනිසුන්ට යම් මානසික සුවයක් ඇතිවිය හැකියි.ඇත්තටම මෙතනදී සිදුවූයේ භාෂාමය ගනුදෙනුවක් කියා කිවහොත් එහි වරදක් නැත.හොද අරමුණක් ඇතිව මේවා ප්‍රකාශ කරයි නම් ඒ ජනතාවට ඉන් යහපතක් සැලසෙන්න පුලුවන්.
නමුත් ප්‍රශ්නය වනුයේ මෙම සුභ පතන අයුරින්ම එහි ප්‍රතිඵල මිනිසුන්ට ලැබේද යන්නයි.සුභපැතීම් ලැබෙන තරමට ජීවිතය සාර්ථක වේනම් එය කෙතරම් අගනේද?එය එසේ සිදුවන්නේ නම් මිනිසුන් අතර ඇති ගැටුම්,සිත් වේදනා ඇතිවන්නේ නැහැ.පවුල් සංස්ථා අතර ආරවුල් ගොඩනැගෙන්නේ නැහැ.නමුත් ප්‍රායෝගික ජීවිතයේදී ඔබ,අප ලබා ඇති අත්දැකීම් වනුයේ කෙනෙක් තවත් කෙනෙකුට සුභ පතන තරමට එහි ප්‍රතිඵල නොලැබීමට හේතුව කුමක්ද? ඒ ගැන සොයා බැලිය යුතුයි.බුදු රජානන් වහන්සේ සුභ මොහොත ගැන කළ දේශනා ඇසුරින් අපට මෙයට පිළිතුරක් ලබා ගැනීමට පුලුවන්.සුභ උදෑසනක් ,සුභ දහවලක් ,සුභ සන්ධ්‍යාවක් ,සුබ නැකත,සුබ මංගල්‍යය ,සුබ මොහොත ඇතිවන ආකාරය අංගුත්තර නිකායේ නික නිපාතයේ මංගල වර්ගයේ සදහන් වෙනවා.යම් පුද්ගලයෙක් සිතින් සිතින් කයින් ,වචනයෙන් වැරැදි විදිහට ක්‍රියා කරමින් තවත් කෙනෙකුට සුභ උදෑසනක් ,සුභ දහවලක් ,සුභ සැන්දෑවක් ප්‍රාර්ථනා කලාට ඉන් යහපත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත.සිතින්,කයින්,වචනයෙන් සංවර නොවු අයෙක් සිංහලෙන් සුභ උදෑසනක් හෝ ඉංග්‍රීසි භාෂාවන් "ගුඩ් මෝර්නින් "කියා ප්‍රාර්ථනා කළත් ඉන් යහපත් ප්‍රතිඵලයක් ඔහුට හෝ සුභ පැතුම් ලබන්නාට ඇත්වෙන්නේ නැහැ.
යම් පුද්ගලයෙක් තවත් අයෙකු හමුවූ විට සුභ උදෑසනක් ,නැතහොත් ඉංග්‍රීසියෙන් "ගුඩ් මෝර්නින් "කියා මූනිච්ජාවට කීවත් සුභ පතන්නාගේ සිතුවිලි යහපත් නොවේ නම් සුභ පැතුම් ලබන ඔහුට හෝ ඇයට එය සුභ උදෑසනක් වන්නේ කෙසේද? මුහුණට මූණ ගැසුණු විට සුභ පතන ගමන් "හොදයි මම නුබට දෙන්නම්කො බැටේ"යනුවෙන් සුභ පතන්නාගේ පාපී සිතුවිලි සිත් තුල තබාගෙන ක්‍රියා කරන්න පුලුවන්.
එවැනි මිනිසුන් අපට මගතොටේදී,ආයතනවලදී,සමාජයේ නොයෙකුත් තැන්වලදී කොච්චර මුනගැසෙනවාද? බාහිර පෙනුමෙන් මිතුරු ලෙසක් පෙන්වමින් ක්‍රියාවේදී අන්‍යන්ට හතුරුකම් කරන ,ද්වේශයෙන් කටයුතු කරන පුද්ගලයන් කොපමණ සිටිනවාද? මේවා අයත් වෙන්නේ වංචනික ධර්මවලටයි.ද්වේශයෙන් ක්‍රියා කරමින් සිතින්,කයින්,වචනයෙන් සුචරිතවත්ව ක්‍රියානොකරන අයෙක් තවත් කෙනෙකුට සුභ පැතුවාට සුභ පතන්නා හෝ ඔහුට වෙන සෙතක් නැහැ.
සොරකම් කිරීම,කාමයෙහි වරදවා හැසිරීම,ප්‍රානඝාතය සිදුකිරීම කාය කර්ම හෙවත් කයින් කරන වැරදියි.යම් පුද්ගලයෙකු එම වැරැද්ද නොකරයි නම් හා හිත පීඩාවට පත්වන දේවල් නොකියන්නේ නම්,පරුෂ වචන නොකියන්නේ නම්,බොරු නොකියන්නේ නම්,කේලාම් නොකියන්නේ නම්,බොරු පොරොන්දු නොදෙන්නේ නම්,ආදි වශයෙන් වාචසිකව සිදුවන වැරැදිවලින් ඉවත්ව ක්‍රියාකරන්නේ නම් හා මානසින් ද්වේශ සහගතව එම පුද්ගලයා ක්‍රියා නොකරන්නේ නම් එවැනි පුද්ගලයෙකු කරන සුභ ප්‍රාර්ථනා ලබන්නාට යහපතක් වෙනවා.
නමුත් අද මිනිසුන් අන්‍යන්ට සුභ පතනුයේ මේ කිසිත් අවබෝධ කරගෙන නොවේ.සුභ පතන්නන් වාලේ සුභ පතන බවයි දැකිය හැක්කේ,සිත ,කය,වචනය යන තුන් දොර සංවර කරගෙන ක්‍රියාකරන ධාර්මිකව ජීවත් වන්නන්ගේ සුභ ප්‍රාර්ථනා මිනිසුන්ට ආශිර්වාදයක් වෙනවා.සුබ නැකත ,සුබ මොහොත උදාවනුයේ මිනිසුන්ගේ ක්‍රියා කාරීත්වය මතයි.යහපත් සිතින් ,කයින් ,වචනයෙන් සංවර වී සුබ උදෑසනක් ලගා කරගන්නා පුද්ගලයා එය දහවල් කාලයේත් රකී නම් එතැන සුබ දහවලක් නිර්මාණය වෙනවා.එම පුද්ගලයාම සන්ධ්‍යා කාලයේදීත් එම ප්‍රතිපත්තිය රකී නම් ඔහුගේ මුලු දවසම සුබ වෙනවා.එලෙස ජීවිතය හැඩ ගසා ගන්නා පුද්ගලයා දවස පතා එය තම ජීවිතයට ළං කරගන්නවා.ඒ අනුව ඔහු ජීවත් වෙන හැම මොහොතම ඔහුට සුබයි.ඔහුගේ සුබ පැතුම් ලබන්නට සුබ වෙනවා.
නැකත් ශාස්ත්‍රය අනුව නම් සුබ මුහුර්තය යනු පංචාංග ශුද්ධියෙන් සුබ ග්‍රහයන් පිහිටීම අනුව ලැබෙන්නක්.නමුත් බුද්ධ දේශනාව අනුව පැහැදිලි වන්නේ පුද්ගලයා ක්‍රියා කරන ආකාරය අනුව සුබ හෝ අසුබ කාලය උදාවන බවයි.නැතහොත් සුබ නැකත හෝ කාලය උදාවන බවයි.
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
ඇත්තටම ගොඩක් වටින මාතෘකාවක් ❤️ ඒ වගේම හොදට ඒව පැහැදිලි කරල තියෙනව😍😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Thank you very much.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit