ශ්‍රී ලාංකික සැබෑ සිනමාවේ පියාණන් වූ ලොව ජීවත්වූ ජ්‍යේෂ්ඨතම සිනමාවේදියා ලෙස සැළකෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මිය ගියේ 2018 අප්‍රේල් 28. මිය යන විට 99 වියේ පසු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 1956 වසරේදී නිර්මාණය කරන ලද රේඛාව චිත්‍රපටය සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයක් වෙනවා.
අපේ රටේ සිනමාව අන්තර්ජාතික තලයේ මුල්වරට තැබුවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා.1919 අප්‍රේල් 05 කොළඹ දෙහිවල දී උපත ලැබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉගෙන ගත්තේ ශාන්ත පීතර විද්‍යාලයේ. පුවත්පත් කලාවේදියක් විදිහට ඔහු මුල්ම රැකියාව කරලා තියෙනවා. එංගලන්තයට ගිය ලෙස්ටර් එහිදී පුවත්පත් කලාවේදියකු ලෙසත් කටයුතු කරලා තියෙනවා. එන්ගලන්තයේ දී කෙටි චිත්‍රපට කිපයක් ද නිර්මාණය කරන ලද අතර එම චිත්‍රපට ජාත්‍යන්තර අවධානයට ලක් වෙලා තියෙනවා.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිර්මාණය කළ සන්දේශය, ගම්පෙරලිය, ගොලු හදවත, නිධානය, දෙලොවක් අතර අහසින් පොළොවට, මඩොල්දූව, වීර පුරන් අප්පු, බැද්දේගම, යුගාන්තය, කලියුගය, අවරගිර, වෑකන්ද වලව්ව, අම්මාවරුනේ වගේ සෑම සිනමා කෘතියක්ම ජාත්‍යන්තර අවධානය දිනා ගත්තා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිද වෙන්නේ ප්‍රවීණ සිනමා වේදී සුමිත්‍රා පීරිස් මහත්මියයි. ලෝක සිනමාවට කළ සේවය වෙනුවෙන් ප්‍රංශය, ඉන්දියාව,ජපානය වගේ රටවල් රාශියකින් ගෞරව බහුමානයෙන් පුදන මොහුව පිළිගත්තා.
Madol Duuwa
source
1919 අප්‍රේල් 5 වැනිදා දෙහිවලදී ෆැරැන්සිස් පීරිස් මහතාට හා ඈන් ගෙස්ට්යට් විනිෆ්‍රච් ජයසූරිය මහත්මියගේ පුතණුවන් ලෙස ආචාර්ය පීරිස් මහතා උපත ලබලා තියෙනවා. පියා වෛද්‍යවරයකු වූ අතර මව උපාධිධාරිනියක්. ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාට එරිකා, අයිවන් සහ නොයෙල් යනුවෙන් සහෝදර සහෝදරියෝ තිදෙනෙක් හිටියා.
කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු17 වැනි වියේදී ජීවන වෘත්තිය ලෙස පුවත්පත් කලාව තෝරා ගත්තා.ඔහු ප්‍රථමයෙන්ම ඬේලි නිව්ස් පුවත් පතේ අතිරේකයක් සංස්කරණය කරලා තියෙනවා.
1939දී ඔහු ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පතේ ෆ්‍රෑන්ක් වොරේස් යටතේ සේවය කලා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේත් ටික කාලයක් වැඩ කලා.
1947 වසරේදි එංගලන්තයට ගොස් කලාව පිළිබඳ වැඩිදුර හදාරා ඇත. 1952 වසරේදී නැවැත ලංකාවට පැමිණි ලෙස්ටර් මහතා රජයේ චිත්‍රපට අංශයේ කළමනාකරුවකු වශයෙන් සේවය කළ විලී බ්ලෙක් හා ටයිටස් තොටවත්ත මහත්වරුන් සමග එකතුවී වෘත්තාන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් විය. එම උත්සාහය දේශීය සිනමාවේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට සමත් වුණා. එහි ප්‍රථිඵලයක් ලෙස 1956 වසරේදී ගැමි තේමාවක් වස්තු විෂය කරගත් රේඛාව චිත්‍රපට නිර්මාණය කලා. එළිමහනේ රූගත කළ පළමු සිංහල සිනමා පටයද ඒ චිත්‍රපටය.
පස්සේ ඔහු අතින් තවත් විත්‍රපට රාශියක්ම නිර්මාණය වුණා. සංදේශය, ගම්පෙරළිය, දෙලොවක් අතර, රන්සළු, ගොළු හදවත, අක්කර පහ, නිධානය, දෑසනිසා, මඩොල්දූව, අහසින් පොළවට, වීර පුරන් අප්පු, බැද්දේගම, කලියුගය, යුගාන්තය, අවරගිර, වෑකන්ද වළව්ව ආදි සිනමාපට අධ්‍යක්‍ෂණය කළ අතර 2006 වසරේදී තිරගතවූ අම්මාවරුනේ සිනමාපටය ඔහු විසින් අධ්‍යක්‍ෂණය කළ අවසන් සිනමා පටය වුණා.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 1975 වසරේදී ද ‘ගෝඩ් කිං’ නැමැති ඉංග්‍රීසි සිනමාපටය අධ්‍යක්‍ෂණය කළ අතර තවත් කෙටි චිත්‍රපට කිහිපයක්ද අධ්‍යක්‍ෂණය කර ඇත. ඔහුගේ සිනමාපට දෙස් විදෙස් සම්මාන රාශියකින් පිදුම් ලබලා තියෙනවා.
1981 වසරේදී බැද්දේගම සහ යුගාන්තය යන චිත්‍රපට දෙකම ප්‍රංශයේ කෑන්ස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර බැද්දේගම චිත්‍රපටය එම වසරේදීම ලන්ඩන් සිනමා උළෙලද නියෝජනය කලා.
යුගාන්තය සිනමා පටය මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර,ඒ චිත්‍රපටය ට මෙරටදී හොඳම අධ්‍යක්‍ෂණය වෙනුවෙන් ජනාධිපති සම්මානයද හිමිවුනා.
1997 වසරේදී ගෝල්ඩන් ලයන් සම්මානය, 2000දි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී මයුර සම්මානය, 2001 වසරේදී ආසියානු සිනමාව වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ස්වර්ණ පද්ම සම්මානය සහ 2002 දී ආසියානු සිනමා සංස්කෘතිය පිළිබඳ සම්මානයද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමිවුනා. තවත් ආර්ටිකල් එකකින් අපි ඉක්මනටම හම්බවෙමු.
අම්මාවරුනේ කතාව මේ ලගදි බැලුවා ආපහු සැරයක් tv එකෙන් ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
❤️😍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit