The Dark Knight චිත්‍රපටයේ නොදැකපු පැත්ත.

in hive-133716 •  26 days ago  (edited)

image.png
source

මේ මම අසයින්මන්ට් එකකට කරපු එකක්. මේක කරද්දි මම හොයාගත්තු දේවල් ටිකකුත් තැනින් තැන ඔබලා තියෙනවා. හෙමීට කියවන්න.

සිනමාවේ මෙම සංකල්ප දෙක භාවිතයෙන් ප්‍රේක්ෂකයා එහි,එනම් චිත්‍රපටයේ ගැබුරටම ගෙන යාමට , යම් යම් චරිත වල ප්‍රේක්ෂකයා ජීවත් කිරීමට නිර්මාණකරුවා කටයුතු කරයි.
චිත්‍රපටයක දෘෂ්ටිවාදය :
* කතාව ඉදිරිපත් කරන ආඛ්‍යානය ,චරිත ,තේමාවන් සහ කතාවේ යටි පෙල පිලිබද ඉදිරි දර්ශනයක් සපයයි.
* චිත්‍රපට බොහෝ අවස්තාවලදී එනම් ඕනෑම තේමාවක චිත්‍රපටයක් සමාජ මතවාදයක් ඉදිරිපත් කිරීම හෝ එම මතවාද් අබියෝගයකට ලක් කිරීම සිදු කරයි. (උදාහරන : ධනවාදයට එරෙහිව සමාජවාදය, පුද්ගලවාදයට එරෙහිව සාමුහිකවාදය,ස්ත්‍රී පුරුශ සමානාත්ම තාවය )
* චිත්‍රපටයක් තුලින් ඉදිරිපත් වන දෘෂ්ටිවාදී සංකල්පනා සෑමවිටම එක එල්ලේ අවබෝද නොවිය හැක.බොහෝ විට ඒවා ව්‍යංග විය හැක.
චිත්‍රපටයක මනෝවිශ්ලේශනය :
* චිත්‍රපටයක මනෝවිශ්ලේශනයි ලෙස හැදින්වෙන්නේ කතාව තුල චරිතවල මානසික සහ චිත්තවේගීය හැසිරීම් , සිතුවිලි,ආශාවන් ,කම්පනයන් ආදී විවිධාකාර හැගීම් ය.
* සිග්මන් ෆ්රොයිඩ් , ලැකාන් වැනි මනෝවිද්‍යාඥයන් ගේ සංකල්ප,න්‍යායන් චිත්‍රපටවල චරිත නිර්මාණය සහ වර්ධනය කිරීමට උපකාරී කරගෙන ඇත.

මෙම කාරනා දෙක පැහැදිලි කරගැනීම සදහා මම තෝරාගත් චිත්‍රපටය වන්නේ 2008 වසරේ නිකුත් වූ ක්‍රිස්ටෝපර් නෝලන් විසින් අධ්‍යක්ශනය කරන ලද The Batman චිත්‍රපට තිත්වයෙ එන දෙවන චිත්‍රපටය වන The Dark Knight චිත්‍රපටයයි. එහි ප්‍රධාන චරිතය ලෙස (BatMan) Christian Bale ද ඔහුගේ විරුද්ධ වාදියා ලෙස (Joker) Heath Ledger රංගනයෙන් දායක වේ.මෙහිදී මා විසින් තෝරාගන්නේ ජෝකර් එසේත් නැතිනම් කතාවේ ප්‍රධාන විරුද්දවාදියාගේ චරිතයේ එන දෘෂ්ටිවාදී සහ මනෝවිශ්ලේශනාත්මක ආත්මයයි. මුලින්ම මෙම චරිතයේ දෘෂ්ටිවාදී ආත්මය පිලිබද අවබෝද කරගමු. ජෝකර් නිදහස් සතුරෙක් ලෙස සැලකිය හැකිය.එසේත් නැතිනම් ඔහු එසේ සිතා සිටී.ඔහු සිය අපරාධ සිදුකරන්නේ ඔහු විසින්ම ගොඩනගාගත් පිලිවෙලකටය. ඔහු ඔහුට උපකාර කරන පිරිස උවත් සැනින් ඝාතනය කිරීමට නොපැකිලෙයි. ඊට හේතුව ඔහුට අනුව කිසිවෙකු විශ්වාස කිරීමට නොහැකි වීමයි. සෑම විටම ඔහුගේ දෘෂ්ටිවාදය අවුල් සහගත සහ අරාජික වූ එකකි.එසේම ජෝකර් හට නිසි දේශපාලනික හෝ දාර්ශනික මතවාදයක්ද දක්නට නොලැබේ. කලින් සදහන් කල පරිදිම ඔහු ඔහුගේම පිලිවෙකට අනුව කටයුතු කරන අතර ඔහු උත්සහ කරන්නෙ සියලු දේම කඩාකප්පල් කිරීමටය.ඔහුගේ දෘෂ්ටිවාදයට අනුව සමාජය ඉතාමත් දූශිත බව ඔහු විශ්වාස කරයි. ඔහුගේ උත්සහාය වන්නේ පාලන පන්තිය තුරන් කර මුලු සමාජයම එක ස්ථරයක් වෙත ගැනීමයි. ජෝකර් විශ්වාස කරන පරිදි සමාජයේ ඒ පවතින දූශිත ස්වභාවය සහ කුහක බව ඉස්මතු කරගැනීමට මිනිසුන්ව ඔවුන්ගේ මනසේ ගැබුරේ තැන්පත් වී ඇති සිතුවිලි වලට තල්ලු කල යුතු බවයි.චිත්‍රපටය තුලදී ඔහු ඒ සදහා විවිද ක්‍රමවේද් භාවිතා කරයි.චිත්‍රපටය පුරාවටම, ජෝකර්ගේ ක්‍රියාවන් මෙහෙයවනු ලබන්නේ ගෝතම් නගරයේ සහ එහි වැසියන්ගේ සදාචාර සංග්‍රහයට අභියෝග කිරීමේ ආශාව මගිනි. චිත්‍රපටයෙ ඔහුගේ ඉතා ප්‍රසිද්ධ දෙබසක් තිබේ.එනම් "Why So Serious?". ඔහුගේ එනම් ජෝකර්ගේ දෘෂ්ටිවාදයට අනුව ගෝතම් නගරයේ(ගෝතම් යනු චිත්‍රපටයේ කතාව දිවයන ප්‍රදානම නගරයයි. ) සිටින මිනිසුන් තමන්ගේ ජීවිත පිලිබද ඉතාමත් බැරෑරුම් ආකාරයට් සිතා සිටී. ඔහු එය අනවශ්‍ය එකක් ලෙස විශ්වාස කරන අතර ඔහු එය දකින අවස්තාවලදී උක්ත දෙබස භාවිත කරයි. එසේම ජෝකර් තමන්ව දකින්නේ ඕනෑම දෙයක් වෙනස් කිරීමේ ඒජන්තවරයෙකු ලෙසයි.ඔහුගේ සියලූම අපරාධයන් අතිශය අවුල් සහගත ඒවා වෙයි. එමගින් ඔහු තමාට වාසි සහගත තත්වයක් බලාපොරොත්තු වනවාට වඩා සිදුකරන්නේ සමාජයේ පවතින සම්මත පිලිවෙල කඩා බිද දමා නව මාවතක් ඔස්සේ සමාජය මෙහෙයවීමයි. ජෝකර් ගේ තවත් එක් දෘෂ්ටිවාදී ලක්ශනයක් ලෙස ධනය හෝ බලය හෝ ද්‍රව්‍යමය දේ ගැන කිසිදු ආශාවක් ඔහුට නොමැති වීම සහ ඔහු උත්සහ කරන්නේ නියෝග ප්‍රතික්ශේප කිරීම සහ රජය වැනි පාලන ව්යුහයන් තුල තිබෙන පීඩාකාරී,දූශිත ක්‍රමය බිදදැමීමයි. එසේම චිත්‍රපටය විමසිල්ලෙන් කියවන විට අවබෝධවන කාරණාවක් නම් , ජෝකර්ගේ උත්සහාය වන්නේ සාධාරණත්වය ඇති කිරීම යි. මෙවැවි සුපිරි වීරයෙකු පදනම් කරගත් චිත්‍රපටයක ජෝකර් වැනි විරුද්ධවාදියෙකුගෙන් සාධාරණය බලාපොරොත්තු විය හැකියද යන ගැටලුව ප්‍රේක්ශයන්ට මෙන්ම මෙම කාරනාව අසන ඕනෑම කෙනෙකුට ගැටලුවක් ඇතිවිය හැක. නමුත් එම කාරණාව සත්‍යකි. බොහෝ විචාරයකයන්ගේ මතය අනුව චිත්‍රපටයේ දුශ්ඨයා බැට්මෑන් විය හැකි අතර වීරයා ලෙස ජෝකර්ව සලයි. එම කාරනාවද එක් ආකාරයකින් දෘෂ්ටිවාදයට අයත් කරුනක් ලෙස දැකිය හැක.ඔහුගේ දෘෂ්ටිවාදය මෙහෙයවනු ලබන්නේ පුද්ගලික පළිගැනීම් මගින් නොව සමාජයේ ව්‍යුහය යටපත් කිරීම අරමුණු කරගත් ශුන්‍යවාදී ලෝක දැක්මකිනි.

image.png
source

Dark knight චිත්‍රපටයේ ජෝකර් ගේ මනෝවිශ්ලේශනාත්මක ආත්මය පිලිබද සාකච්ඡා කිරීමේදී දැකගත හැක්කේ කැලබුන මෙන්ම එකවර තේරුම් ගැනීමට අපහසු ස්වභාවයකි. දැන් අපි ඔහුගේ මනෝවිශ්ලේශනාත්මක ආත්මය විමසා බලමු. චිත්‍රපටය ආරම්භයේ සිටම ඔහුගේ චරිතය පිලිබද අනපේක්ශිත ස්වභාවයක් පවතී.එයට හේතුව ඕනෑම අවස්තාවක ඔහු ලග සිටින පුද්ගලයෙකු පවා ඝාතනය කර දැමීමට ඔහු නො පැකිලීමයි.මොහුට පැහැදිලි ඉලක්කයන් නොමැත.එනම් සාමාන්‍ය අපරාධකරුවෙක් මෙන් ඔහු ක්‍රියා නොකරයි. චිත්ත්‍රපටය ආරම්භ වන්නේ ඔහු විසින් බැන්කුවක් මන්කොල්ලකන දර්ශනයකිනි.ඔහු එය හොදින් සැලසුම් කර ඇති බව පෙනී යයි.නමුත් ඇත්ත වශයෙන්ම ඔහුට මූල්‍යමය අවශ්‍යතාවක් නොමැත. මෙසේ ඔහු එකතු කරගන්නා මුදල් එක් අවස්තාවක ඔහු විසින්ම ගිනි තබයි.එමගින් ප්‍රේක්ෂකයන්ට ඔහුගේ සැබෑ අරමුණ තේරුම් ගැනීමට නොහැකිවී යයි.එසේම ජෝකර් හට එක්තරා ආකාරයක මනෝව්‍යාධී ලක්ශන ඇති බව තේරුම් ගත හැකිය.ඊට හේතුව මනෝ ව්‍යාධිකයන් හට ඇති සංවේදනයන් නොදැනීම,පසුතැවීම් නැති වීම,සදාචාරාත්මක හැසිරීමක් නොමැතිවීම වැනි කරුනු මොහු තුලින්ද ප්‍රකට කෙරීමයි.එක් අවස්තාවක කතාවේ ප්‍රධාන චරිතය වන බැට්මෑන් විසින් පොලිස් ප්‍රශ්නකිරීමේ මැදිරියක් තුල දරුනු ලෙස පහර දේ.නමුත් ඔහු කිසිදු අයුරකින් තම වේදනාවක් හෝ කිසිදු සංවේදනයක් නොපෙන්වයි.ඒ වෙනුවට ඔහුගේ ප්‍රතිචාරය වන්නේ ඉතා හොදින් හදුන අයෙකු මෙන් බැට්මෑන් සමග කතා කිරීමයි.එය ඔහුගේ මනෝභාවමය ලක්ශන හොදින් ප්‍රකට කරන ලක්ශනයක් වේ.එසේම ජෝකර් කිසිවිටෙකත් අන් අයට අනතුරක් කිරීමට පැකිලෙන්නේ නැත.එසේම ඔහු මිනිසුන්ගේ හැගීම් සමග ක්‍රීඩා කරයි.මනුෂ්‍ය ජීවිතය සහ දුක් වේදනා ගැන ඔහු දක්වන නොසැලකිල්ල චිත්‍රපටය පුරාම දක්නට ලැබේ. ජෝකර්ගේ විශේශම ලක්ශනය වනේ ඔහු හොද මනෝවිශ්ලේශකයෙකු වීමයි. එනම් ඔහු මිනිස්සුන්ගේ මානසික දුර්වලතා ,කඩාවැටීම්, ඔවුන් සගවාගෙන සිටින රහස් ආදිය ඉතා සූක්ෂමව හෙලි කරගනී.ඒවා ඔවුන්ටම විරුද්දව යොදාගෙන ඒවා තමන්ගේ වාසියට භාවිත කරයි. ජෝකර්ගේ ලෝකය දෙස බැලීම ඉතාම ශූන්‍යවාදී එකක් ලෙස තේරුම් යයි.ජීවිතය අර්ථ විරහිත ,අවුල්සහගත එකක් බවට ඔහු විශ්වාස කරයි. සිග්මන් ෆ්රොයිඩ් ට අනුව මනෝලිංගික අවදියේ දක්නට හැකි ලක්ශනයක් ලෙස පෞර්ෂ වර්ධනය දැකගත හැක. කුඩා දරුවන් තම සතුට ,තෘප්තිය පිලිබද කුඩා කල එනම් උපතේ සිට මාස 18 ක් පමන දක්වා ප්‍රකාශ කර සිටින්නේ තමන්ගේ මුව සෙලවීම සහ දෙතොල් තමන්ගේ දිවෙන් ලෙවකෑම ආදීය මගින්‍ය. ජෝකර්ද එවැනිම ලක්ශනයක් මුලු චිත්‍රපටය පුරාම ප්‍රකට කරයි.එය ඔහුගෙ මනෝවිශ්ලේශනාත්මක ආත්මය පිලිබද හැදෑරීමේදි අවදානයට ලක් වේ.


image.png
source

අවසාන වශයෙන් ජෝකර්ගේ චරිතය මිනිස් ස්වභාවයේ අදුරු පැතිකඩවල ඇති රහස් ගවේෂණය කිරීමක් සිදුකරන අතර සදාචාරය, දූෂණය ,පාලනයේ අසමතුලිතතාව වැනි අපහසු ප්‍රශ්නවලට මුහුණ දීම සදහා ප්‍රේක්ෂකයා අභියෝගයට ලක් කරයි.ඔහු ඔහුගේම දෘෂ්ටිවාදයක නිර්මාණයක් වන අතර ඔහුටම ආවේණික වූ මනෝවිද්‍යාත්මක සංකීර්ණතා පෙන්නුම් කරයි.ඔහු ඔහුගේ අනන්න්‍යතාව සැගවීමද එක්තරා මනෝවිශ්ලේශනාත්මක කාරණයකි. මෙම චිත්‍රපටයේ එක් විශේශ කරුනක් වන්නේ මෙම චරිතය එනම් ජෝකර්ගේ චරිතය සදහා Heath Leger සූදානම් වීමේදී ජෝකර් ගේ මානසිකත්වය ඇති කරගැනීම සදහා මනෝවිද්‍යාත්මක කරුනු,මනෝ ව්‍යාධියෙකුගේ ස්වභාවය වැනි කරුනු පිලිබද දිගින් දිගටම අධ්‍යයනයක නිරතවී ඇත. තම මානසිකත්වය වෙනස් කරගැනීම සදහා හෝටල් කාමරයක් ගෙන එහි දින ගනනාවක් කිසිවෙකුත් සමග කතා නොකර ජීවත් වී ඇති බවද සැලකේ. එම ජෝකර් ගේ මනෝභාවය උපරිම ලෙසම හීත් විසින් ලබාගෙන ඇති බවට සාක්ෂි ලෙස , ඔහුගේ මේකප් එක නිර්මාණය කරගෙන ඇත්තේ හීත් විසින්මය.එසේම ක්‍රිස්ටෝෆර් නෝලන් ලබා දුන් දෙබස් වලට අමතරව හීත් විසින්ම සමහර දෙබස් යොදාගෙන තිබේ. එය අනෙක් රංගනශිල්පීන්ව පවා තිගැස්මකට ලක්කර ඇත. අවාසනාවකට චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කිරීමෙන් පසු ඔහු සියදිවි හානි කරගෙන ඇත.එයට හේතුව ලෙස සැලකෙන්නේ ජෝකර්ගේ මනෝවිශ්ලේශනීය ආත්මයෙන් ඔහුට මිදීමට නොහැකි වීම නිසාවෙනි.ඔහුගේ රංගනයට ඔස්කාර් සම්මානයක් පවා හිමි උනා.නමුත් ඒ ඔහුගේ මරණයෙන් පසු.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!