The FountainsteemCreated with Sketch.

in hive-133716 •  5 days ago 

image.png
source

බහු කාලරේඛා ආකෘතිය ට හොඳ උදාහරණයක් තමයි ෆවුන්ටන් චිත්‍රපටය. ඩැරන් ඇරොනොෆ්ස්කි අධ්‍යක්ෂණය කළ ද ෆවුන්ටන් චිත්‍රපටය විවිධ කාල රේඛා තුනක් බද්ධ කර ඇති චිත්‍රපටයක්. මේ කථාව අතීතයේ සිට සකස් කර ඇති අතර ඉසබෙලා රැජින වෙනුවෙන් ජීවන වෘක්ෂය සොයන ටොමාස් නම් ස්පාඤ්ඤ ජාතිකයෙකු වටා කතාව ගෙතී ඇත. ඉසබෙලා රැජින සමඟ ටොමාස්ගේ සම්බන්ධය සහ ජීවන වෘක්ෂය සොයා මායා වනාන්තරයට යන ගමන ඇතුළත් වෙනවා.

වර්තමාන කතාවේදී ස්නායු පිළිබඳව විශේෂඥයෙකු වන ටොම් ඔහුගේ බිරිඳ ඉසිගේ මාරාන්තික රෝගයට ප්‍රතිකාරයක් සෙවීමට දරන උත්සාහය පෙන්වනවා. ටොමී අද්භූත ගසේ යුෂ යොදාගෙන අත්හදා බැලීම් කරන අතර ජීවිතය දීර්ඝ කිරීමට සහ මරණයෙන් වැලකීමට එම ඖෂධ වලින් හැකිවන බව ඔහු විශ්වාස කරනවා . අනාගතය පසුබිම් කරගෙන ගෙතී ඇති කථාවෙහි ටොම් මිය යන ජීවන වෘක්ෂය සමඟ අභ්‍යවකාශයයේ ගමන් කරනවා . චිත්‍රපටය පුරාවටම කාලරේඛා තුන එකිනෙකට සම්බන්ධ වෙනවා. අමරණීයත්වය සහ කාලය සහ අවකාශය හරහා සියලු ජීවීන්ගේ අන්තර් සම්බන්ධිත බව සංකේතවත් කරන ජීවන වෘක්ෂය කතා තුනටම සම්බන්ධයි.

image.png
source

බිරිඳගේ මරණයෙන් පස්සෙ ටොම්ගේ මනසේ පශ්චත්තාපයක් ඇති වෙනවා. මේ සිදුවීම මත ඔහුගේ සිතේ ඇති වන අවස්ථා තුන චිත්‍රපටයෙන් පෙන්වයි. චිත්‍රපටය පුරාවටම ඇත්තේ මොහු මවාගත් ලෝකයයි. චිත්‍රපටය නරඹන විට ජීවන ගස යනු ඉසී ම බව පැහැදිලි වේ. බහු ආඛ්‍යාන ශෛලිය තුළ එය නැවත නැවත සම්බන්ධ කර දක්වයි. ගස මිය යන්නෙත් ඉසී මිය යන්නෙත් එකම අවස්ථාවකයි. අභව්‍ය සිදුවීම් ද පවතින මෙම චිත්‍රපටය අතිශය සංකීර්ණ කතාවක්. ස්වභාවධර්මය සහ තාක්‍ෂණය, මරණ සහ අමරණීයභාවය අතර ගැටුම මෙම චිත්‍රපටයෙන් නිරූපණය කරලා තියෙනවා.

මේ ආකෘතියට තවත් උදාහරණයක් තමයි ඉන්සෙප්ෂන්. ක්‍රිස්ටෝපර් නෝලන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඉන්සෙප්ෂන් චිත්‍රපටය ගොඩක් ජනප්‍රිය චිත්‍රපටයක්.
ප්‍රධාන කථාව ගෙතී ඇත්තේ කොබ් නම් වෘත්තීය සොරෙකු වටා. ඔහු මිනිසුන්ගේ රහස් සොරකම් කිරීමට මිනිසුන්ගේ සිහිනවලට ඇතුළු වී රහස් සොරකම් කරනවා. මෙම ක්‍රියාවලිය තුළින් ධනවත් ව්‍යාපාරිකයෙකුගේ යටි සිතේ අදහසක් රෝපණය කිරීම ඔහුට පැවරීලා තියෙනවා .
ප්‍රධාන කුමන්ත්‍රණය තුළ කොබ් සහ ඔහුගේ කණ්ඩායම සැරිසැරිය යුතු සිහින මට්ටම් කිහිපයක් තියෙනවා . සෑම සිහින මට්ටමක්ම යටි සිතේ විවිධ ස්ථරයක් නියෝජනය කරනවා . පළමු මට්ටමේ දී කොබ් බලකොටුවක සිහිනයක් තුළ ෆිෂර්ගේ සිහිනයට ඇතුළු වෙනවා . මෙහිදී කොබ් ෆිෂර්ගේ යටි සිතේ මිථ්‍යාව පවත්වා ගනිමින් බලකොටුවේ සැරිසැරීමේදී විවිධ අභියෝග වලට මුහුණ දීමට සිදුවෙනවා . නිර්මාණය කළ සිහිනයේ දෙවෙනි මට්ටමේ දී සිහිනය තුළ තවත් සිහිනයකට ඇතුළු වෙමින් හෝටලයකට පිවිසෙනවා. සිහිනයේ තුන්වන මට්ටමේදී කොබ්ගේ සිත තුළ බිරිඳගේ මරණය සම්බන්ධයෙන් වරදකාරී හැගීමක් ඇතිවූ නිසා මතකයන් යථාර්ථය සමග මිශ්‍ර වී සිහිනය විකෘති වෙනවා .

එක් එක් සිහින මට්ටම් තුළ කාලය වෙනස් ලෙස ක්‍රියා කරනවා . සිදුවීම් එකිනෙකට වෙනස් විවිධ වේගයකින් ගලායනවා. නිදසුනක් විදියට සැබෑ ලෝකයේ ගත වන්නේ මිනිත්තු කිහිපයක් පමණක් වුවද එය සිහිනයක් තුළ පැය හෝ දින ගණනාවක් වෙන්න පුලුවන් .
චිත්‍රපටය පුරාම කෝබ්ගේ කරදරකාරී අතීතය විටින් විට මතකයට නැගෙනවා විශේෂයෙන් ඔහුගේ මියගිය බිරිඳ මාල් සමඟ ඇති සම්බන්ධය පිළිබඳ විවිධ සිදුවීම් මතක් වෙනවා . මෙය කෝබ්ගේ ප්‍රධාන කාර්යය සමඟ සම්බන්ධ වී ඇති අතර බිරිද මතකයට නැගෙන අවස්ථාවලදී සිහිනය බිදවැටෙනවා. මෙම මතකයන් චිත්‍රපටය පුරාවට කෝබ්ගේ චිත්තවේගීය තත්වය හැඩගැස්වීමට හේතු වෙනවා . අපි තවත් චිත්‍රපට ආකෘතියක් සහ ඒ ආකෘතියේ ලස්සන චිත්‍රපටයක විස්තර එක්ක ඉක්මනටම හම්බ වෙමු.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

TEAM 5

Congratulations! This post has been upvoted through steemcurator07 We support quality posts, good comments anywhere, and any tags.


SEARCH_team.webp

Curated by : @damithudaya