ඉතින් කොහොමද. ගිය අවුරුද්දෙ මේ දවස් වෙද්දි තමයි මගේ ඒලෙවල් රිසාල්ට් ආවෙ. අවුරුද්දක් වෙලත් ඉතින් තාම ගෙදර. මේ දවස් ටිකේ කැම්පස් රෙජිස්ට්‍රේශන් එක කෙරීගෙන යනව.ඒකට ඕන මෙඩිකල් ගන්න වැඩෙක් ටික ටික කරන්න වෙලා තියෙන්නෙ.දවස් තුනක් විතරම ඉතින් තෙල් පුච්චන් ඒ වෙනුවෙන් යන්න වෙලා. ඉතින් ඒ අතරෙ ලබන් මාසෙ වගෙ වෙද්දි අපිටත් කැම්පස් පටන් ගනිවි කියන ආරන්චිය නිසාම ඉන්න හිටින්න බෝඩිමක් හොයාගන්න ඕන කියල මතක් උනා. ඉතින් යාලුවො එක්ක කතා කරහම එයාලත් කිව්ව තැනක් බලමු කියල. අපි මුලින් තීරනේ කරේ ඇන්ක්ස් එකක් වගේ ඉන්න. ඒත් ඒ කස්ටිය අමද්‍යප නැති එක මට ලොකු අවුලක් උනා. ඒ නිසා අමද්‍යප යාලුවො ටිකක් එක්ක කතා කරලා තැනක් හොයාගමු කියල තීරනේ උනා.ඉතින් ඊයෙ උදේ මායි මාමයි තාත්තයි කැලනි කැම්පස් එක පැත්තට ගියා. කැම්පස් එක ගාවින් පහල ගෙදර අයියවත් වාහනේට දාගත්ත.එයා අවුරුදු ගානක් ඒ කැම්පස් ඉදපු නිසා එයා පාරවල් එහෙම දන්නව. ඉතින් ලේසියෙන්ම ඉන්න තැනක් හම්බෙයි කියල අපි හොයන්න පටන් ගත්තා.
මෙ දවස්වල අපි දකින්නම කැමති දේකුත් ඔයාල එක්ක බෙදාගන්න හිතුනා
අපි හිතපු හැටි වැරදියි. අපි හෙව්වෙ දෙන්නෙක්ට ඉන්න තැනක්.ගොඩක් තැන්වල ඉඩ ඉවරයි. එහෙම නැත්තන් ඒ තැන් ඉන්න හිතෙන් නැති තැන්. ඉතින් ඒ විදිහට ගියා හරිම ලස්සන බෝඩිමකට. එතන අයිතිකාරයා ගෙදර නෑ. පැය බාගෙන් එන්නම් කිව්වට ඒ ආවෙත් නෑ. ඒපාර බෝඩිම් වෙලා ඉන්න කෙනෙක් ලවා එක කාමරයක් බැලුවා.කාමරයක් කිව්වට ඒක් සෝල්දරයක්.හරිම වවුල් ගදයි කලුවරයි. ඉතින් එතනිනුත් ඇවිල්ලා තව පොඩ්ඩක් ඇවිදල බැලුවා. එහෙම යද්දි එක තැනක් හම්බුනා.එතන අලුතෙන් හදපු තැනක්.පලවෙනි බෝඩිම් සෙට් එක තමයි ඉන්නෙත්.එතන දෙන්නෙක්ට ඉන්න පුලුවන් කාමරයක් තිබ්බා. ටොයිලට් එහෙම පොඩ්ඩක් පරන තාලෙ නිසා ඒ ගැන වැඩිය හිතන් නැතුව පිටත් උනා.එහෙම යද්දි තව තැනක් හම්බුනා එතන දෙන්නෙක්ට ඉන්න පුලුවන් කිව්ව ,තැනත් හොදයි. ඉතින් ඒපාර අනිත් යාලුවට කෝල් කරල තැන ගැන කිව්වම මේ යකා කිව්වා තව පොඩ්ඩක් බලමු එයාගෙ නෑයෙක් අදුරන තැනක් තියෙනව කියල.මන් ඒ මිනිහට බෝඩිම් බලන්න යන බව කිව්වෙ සතියකට කලින්. එතකන් ඉතින් හොයන්න බැරි උන මනුස්සය දැන් හොයන එකකුත් නෑනෙ.ඒ නිසා ආයෙ දෙපාරක් හිතන් නැතිව එයාවත් අයින් කරල මට විතරක් ඉන්න තැනක් හෙව්වා. ඉතින් වාහනෙ නතර කරන් කට්ටියම සාකච්චා කරා.
මේ තියෙන්නෙ ඒ බෝඩිම
මේ තියෙන්නෙ මන් ගත්ත කාමරේ. මේ බඩු ඔක්කොම අස් කරල පිලිවෙලට දෙන්නම් කිව්වා
ඊට පස්සෙ තීරනේ කරේ අර අලුතෙන් හදන බෝඩිමට ආයෙ ගිහින් මට විතරක් ඉන්න පුලුවන් විදිහට කාමරේ අඩු ගානකට කතා කරගන්න.එතන එක්කෙනෙක්ට 5000 යි. ඒත් එයා කැමති උනේ නෑ. අඩුම 9000 ක්වත් ඕන කිව්ව සම්පූර්න කාමරේ ගන්නවනම්. ඒත් එතන නිදහස් තැන නිසා මම කිව්ව කමක් නෑ දැනට මගේ ගාන ගෙවන්නම් තව කෙනෙක් ආවොත් අපිවත් දැනුවත් කරලා එයාව ගන්න කියල. අපි මුලින්ම කාමරේ ගත්තු නිසා වැඩි පවර් එක මට තියෙන නිසා ලොකු අවුලක් නෑ. ඉතින් ඊට පස්සෙ එතනට 10000 ක් ඩිපොසිට් කරලා කාමරේ වෙන් කරගත්තා. ඉතින් ඊට පස්සෙ දවල්ට කැම්පස් කැන්ටිමෙන් කාලා පැය දෙකක් තෙල් පෝලිමෙත් ඉදල තමයි ගෙදර ආවේ.
කැම්පස් ස්ටාෆ් කැන්ටින් එක
බෝඩිං යනවා කියන එක නං කරන්න අමාරු වැඩක්. ඒකට ඔය වගේ සෙට් වෙන්නේ නැති යාළුවෝ ටිකක් සෙට් උනාම තව අමාරුයි.😬😬
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අළුත් නවාතැනක අළුත් ආරම්භයක්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Idiri anagathayata suba pethum malli...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit