ඉතින් හැමෝම පරිස්සමින් ඇති කියල හිතනව. අද ලියන්නෙ ටිකක් වෙනස්ම මාතෘකාවක්. මේකට කට්ටියක් එකග වෙන එකක් නෑ. ඉතින් එකග වෙන හෝ නොවෙන හැමොගෙම මතයට ගරු කරනව. මොකද අපේ අම්මත් මාත් එක්ක එකග නෑ මේකට 😂. බුද්ධාගම සහ බෞද්ධ දර්ශනය තමයි අද ලියන්නෙ. මේක ලියන්න හිතුනෙ. මුහුනු පොතේ දැකපු එක පෝස්ට් එකකට පස්සෙ. ඒකෙ තිබුනු දේ මුලින්ම ලියන්නම්.
මානසික නිදහස නිසා අත්හැරපු දේවල් මොනවද?
ඔන්න ඕක තමයි තිබුණ උත්තරය ඒකට මටත් දැක්කම එකපාර හිනාගියත් ඇත්තක් ඒක තුලත් තියෙනව. මේ වෙනකොට මිනිස්සු ආගමට ඇලිල කල යුතු දේ වගේම නොකලයුතු දේත් ආගම මුල් කරන් සිදු කරනවා.නමුත් දර්ශනය එහෙම නෙවෙයි. බෞද්ධ දර්ශනය තුල තමයි නියම බෞද්ධ ඉගැන්වීම ඇතුලත් වෙන්නෙ. බෞද්ධ දර්ශනය තුල භක්තිය කියන වච්නය නෑ භක්තිය තියෙන්නෙ දෙවියන් මුල් කරගත් ආගම් වලට පමණයි.බෞද්ධ දර්ශනය වැටහෙන්න ප්‍රඣාව තිබිය යුතුයි.කැමතිනම් පිලිගත් හැකියි.නොමැතිනම් අත් හැරිය හැකියි.
බුදුන් වෙනුවෙන් සිදුකරන දාන පූජා ගැනත්
ඒ වලින් ලැබෙන ගොඩක් ආනිශංස පිලිබදව සදහන් වෙනවා.බුදුන්ගේ කාලෙත් පූජාවන් තිබ්බා , සුජාතාවගෙ කිරිපිඬු දානය වගේ... දානය,ගිලන්පස, වස්ත්‍ර කියන දේවල් කමක් නෑ කියමුකො.ඒකත් සෑහෙන ප්‍රමාණයට පූජා කරන්න ඕන. දැන් මේ මිනිස්සු සෙරෙප්පු වල කටු ඇනලා ඇනලා චෛත්යකට පූජා කරනවා ආයෙ මනුස්සයෙක්ටවත් ඒක අතින් අල්ලන්නවත් බැරි විදියට විසි පොළක විතර කටු ඇනිලා මොකක් හරි වෙන්න. කිරිපිඬු දානය කියලා දෙනවා ඒවා දෙන්නෙ ගස් ගල් වලට වළඳන්න කියලා.. බුදුන් වහන්සේ දේශනා කරලා තියන්නෙ කන බත්පත පවා තමන්ට සෑහෙන ප්‍රමාණයට බෙදාගන්න කියලා .. ඒත් දැන් එක එක පූජාවල් කියලා බත්, පළතුරු වගේ කෑම කොච්චර කුණුගොඩවල් වලට විසික්කනවද.හුදෙක් ඒව කරන්නෙ තම්න්ට යමක් ආපහු ලබාගැනිමේ අරමුණකින් නෙවෙයිද , ඒ දේම කන්න නැති අමාරුවෙන් ඉන්න මනුස්සයෙක්ට දීල ඊට වඩා මානසික තෘප්තියක් ඔබට ලබාගන්න පුලුවන් ඒක මට විශ්වාසයි. මිනිස්සු මිත්‍යාවෙන් රැවටිලා ඉන්නෙ තනිකරම. බුදු රජාණන් වහන්සේට, උන් වහන්සේගෙ ධර්මයට කරන්න පුළුවන් ලොකුම ගෞරවය උන් වහන්සේගෙ දර්ශනය වටහාගන්න එකයි. අද වෙද්දි උදේ හවස මිනිස්සු මිත්‍යාවන් පස්සෙ යන හැටි දකින්න පුලුවන් . ඉතුරු ටික ඊලග එකෙන් දාන්නම් .
මටත් හිනා ගියා. ඒත් ඒක ඇත්ත. බුද්ධාගම කියන්නෙ එකක්. බෞද්ධ දර්ශනය කියන්නෙ එකක්. බුද්ධාගම භයානකයි! බෞද්ධ දර්ශනය කියන්නෙ මේ ලෝකෙ තියෙන ඉතාම සුන්දර දර්ශනය. ඒක තියෙන්න ඕනෙ හිතේ. දකින දකින බෝධියටයි, පිළිමෙටයි වැඳ වැඳ යන්න ඕනෙ නෑ එතකොට.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් අක්කෙ 🙂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
mee kathawata math ekagai.
sirawatama. minissu mulawak passe yanawa. asarana minihekta kanna tikak deela labena thrupthiya godak wedi kiyala math hithanawa.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒකනෙ මීනිස්සු ගොඩක් රැවටිලා ඉන්නෙ 😐
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
man hithanawa issarahata meka wenas wei kiyala. naraka pattata yannath puluwan.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
hariyatam hari malli. meka mama sahena argue karanawa gedara aya ekka. penena minissu badaginne mareddi nopenena dewiyanta bath wisi karna eka buddha darshanaya wenna ba
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් අක්කෙ මාත් එහෙමයි කොහෙද අපෙ අම්මලට කොච්චර කිව්වත් පිලිගන්නෙ නෑනෙ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit