අද ලියන්න යන්නේ ඉන්දියාවේ බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙක් ගැන. රාහුල් ඩ්‍රාවිඩ් ගැන මෙච්චර කතා වෙන්න හේතුව වෙන්නේ ඔහුගේ විශිෂ්ට පිතිකරන තාක්ෂණය නිසා.ඔහුටම ආවේණික වූ පිතිකරණයක් තිබූ නිසා ඔහුගේ කඩුල්ල ලබා ගැනීම එතරම් පහසු වෙන්නේ නැහැ පන්දු යවන්නන්ට.දකුණත් පිතිකරුවෙක්ට ඉන්දියා ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමි කරගන්නවා කියන්නේ එතරම් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි, ඒකත් එම ස්ථානයේ රැඳී ඉන්නවා කියන්නේ ඊටත් අමාරු කාර්යභාරයක්.නමුත් රාහුල් ඩ්‍රාවිඩ් ඒ අභියෝගය සාර්ථකව ජය ගත්තා කිව්වොත් නිවැරදියි.ඔහුව හැඳින්වූයේ The Greatest Wall යන නාමයෙන්.මොකද ඔහු තනිකරම පවුරක් වගේ.එතරම් අමාරුයි ඔහුගේ කඩුල්ල ලබා ගැනීම.
1996 ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ජාතිකවරම් කරගත් රාහුල් වසර 15ක් පුරාවට ඉන්දියා කණ්ඩායම වෙනුවෙන් තමන්ගේ කාර්යභාරය ඉටු කරා.ජාත්‍යන්තර ටෙස්ට් පිටිය තුළ තමන්ගේ පිතිකරන සාමාන්‍ය 50ට ඉහලින් තබා ගැනීමට රාහුල් ඩ්‍රාවිඩ් සමත් වූයේ ලකුනු 13000ට ඉහල සංඛ්‍යාවක් ද ලබාගනිමින්.ජාත්‍යන්තර එක්දින පිටිය තුළත් ලකුනු 10000 සීමාව පසු කිරීමට රාහුල් සමත් වුණා.කලක් ඉන්දියා කණ්ඩායම් මෙහෙයවීමටත් රාහුල් ඩ්‍රාවිඩ් කටයුතු කළ අතර ඔහුගේ සැබෑ කාර්යභාරය ආරම්භ වූයේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස වැඩ භාර ගැනීමත් සමඟයි.ඒ අනුව 19න් පහළ ඉන්දියා කණ්ඩායමේ පුහුණු කාරත්වය කලක් දරමින් විශේෂ වූ කාර්යභාරයක් ඉටු කළ අතර ඉන්පසුව ජාතික කණ්ඩායම වෙනුවෙන් තමන්ගේ කාර්යභාරය මනාව ඉටු කළ රාහුල් 2024 විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව වෙනුවෙන් ලබා ගැනීමට වැදගත් වූ කාර්යභාරයක් ඉටුකලා.