මේ දවස්වල හැමෝගෙම කතාව තමයි වැස්ස. ඉතින් අපේ community එකෙත් මේ දවස්වල ප්‍රධානම මාතෘකාව වැස්ස. ඒකටනම් හේතුව @randulakoralage අරන් ඇවිල්ලා තියෙන contest එක. ඔන්න දන්නෙම නැතුව ඒකත් ඉවරවෙලා. ඉතින් contest එකට ලිපියක් කලින් මං දැම්ම හින්දා මේ කියන්න යන්නේ වෙනම කතාවක්. මේ දවස්වල රෑට තියෙන්නේ පුදුම සීතලක්. කතාවට කියන්නේ නුවරඑළියේ ගියා වගේ කියලා. හරියටම ඒ වගේ හැඟීමක් තමයි තියෙන්නේ. ඒ හින්දා ඒ කතාවේ වරදක් මං දකින්නේ නෑ. ඉතින් අපේ නුවරඑළියේ ඉන්න යාළුවොත් මේ ලිපිය කියවනවනම් එයාලට මේ දවස්වල කොහොමද කියලත් පහලින් පොඩි comment එකක් දාගෙන යන්න.
රෑට නිදාගන්න ගියාම වෙනදා කොට කලිසමක් විතරක් ඇඳගෙන පොරවන ෂීට් එකත් පැත්තකට දාලා දාඩිය නිවෙන්න ෆෑන් එකත් දාගෙන ඉන්න එක තමයි පුරුදු චාර්යාව උනේ. ඒත් දැන් තත්වේ වෙනස්. දැන් කලිසමට අමතරව ටීෂර්ට් එකකුත් ඇඳගෙන පැත්තකට දාලා තිබුණු පොරවන ෂීට් එකත් පොරවගෙන තමයි නිදාගන්න යන්නේ. රෑට නින්දෙන් වයිෆ් පොරවගෙන ඉන්න ෂීට් එකත් අදින්න ගිහිල්ලා රෑ මැද අවස්ථා කිහිපයකම පහරකෑම් වලටත් ලක්වෙන්න උනා 😁😁. ඒවා ගැන මං මේ ප්‍රසිද්ධ මාධ්‍යයක කිව පලවෙනි අවස්ථාව. ඔන්න දැන් ඉතින් ඕවා තැන තැන කිය කිය එහෙම යනවා නෙවෙයි හොඳද 🤨🤨. අප්පච්චිත් මේ දවස්වල නුවරඑළිය පැත්තේ අය පොරවන විදියේ බූල් වගේ තියෙන ෂීට් එකක් තමයි පොරවගන්නේ.
අපිටනම් සීතලෙන් බේරෙන්න මේ වගේ එක එක උපක්‍රම පාවිච්චි කරන්න පුලුවන් උනාට සත්තුන්ට එහෙම බෑනේ නේද කියලා මට ඊයේ උදේ හිතුනා. එහෙම හිතෙන්න හේතුව උනේ අපේ ගෙදරට ඊයේ උදේ ඇවිල්ලා හිටිය අමුත්තෙක් හින්දා. අමුත්තා තමයි පූසෙක්. මං ඉතින් වෙනදා වගේම උදේම නැගිටලා කාලා බීලා එහෙම වැඩට යන්න කියලා ගෙදරින් එළියට බැහැලා බලද්දී මගේ බයික් එක උඩ ඉන්නවා මේ පූසා. හොඳට ගුලිවෙලා ඉන්නවා. මං මෙයාව වෙනදා දැකලා තියෙනවා ගේ වටේ කැරකෙනවා. ඒත් එයා කවදාවත් අපේ ලඟට ඇවිල්ලා නෑ. දක්කගමන් දුවනවා. ඒත් අද තත්වේ වෙනස්. මෙන්න බොලේ මං බයික් එක ළඟටම ගියත් මෙයා වෙනදා වගේ දුවන්නේ නැතුව ඉන්නවා. උදේ පාන්දර සීතලේ මට නිදාගන්නවත් දෙන්නේ නැතුව මේ මනුස්සයා මොනවා කරනවද මන්දා වගේ දෙයක් හිතේ තියාගෙන මගේ දිහා ඔරවලා බලන් ඉන්නවා කියලමයි මට හිතුනේ. ඔන්න මාතෘකාවක් කියලා මට හිතිලා ගත්තා ෆොටෝ ටිකක්. ඒ ටික ගන්නවටත් එයාගේ වැඩි කැමැත්තක් තිබ්බේ නෑ. මට ඔරවාගෙන බලන් හිටියා විතරයි. මට යන්න පරක්කුවෙන හින්දා මං බයික් එක ළඟටම යද්දී ඔන්න එයා බිමට පැන්නා. ඒත් එතනින් එහාට යන්න උනන්දුවක් තිබ්බේ නෑ එයාට. බයික් එක ළඟ බිම ආයෙත් ගුලි උනා. පව් ඉතින් සීතල ඇතිනේ කියලා මට හිතුනා. බයික් එක ස්ටාර්ට් කරද්දී සද්දෙට නැගිටලා මේ මනුස්සයා මහ වදයක් කියලා කියනවා වගේ ඔරවලා කම්මැලිකමේ හෙමීට එළියට ගියා.
ඉතින් ඔයාලගේ ගෙවල් වලටත් මේ වගේ අය එනවා ඇති සීතල දවස්වලට. එයාලව එලවන්නේ නැතුව පොඩි ඉඩක් දෙන්න.
ඔන්න කිව්ව.. ඔය පූස ඔතන ඉන්නෙ හොඳකට නෙවේ. ඌට කම්මැලි හිතුනම සීට් එක උඩම නැගිටල නියපොතු එලියට දාල ඕක හූරනව. ඒ නිසා පූසෙක් රබර් එකක් උඩ ඉන්නව දැක්කොත් රෙදි කෑල්ලකින් හරි පත්තරේකින් හරි ගහන්න.
Thanks me later.💚
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අප්පටසිරි... එහෙමත් කේස් එකක්ද... ඕකනේ ඉතින් බැරි... ඉඳලා හිටලා පූසෙකුට ආදරේ හිතුනම ආයේ එපා වෙනවනේ... කෝකටත් අවධානෙන් ඉඳලා එලෙව්වනම් හරි තමයි...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bike eka udanm nidaganna denna epa.. eliyen parana redi keli tikak dala tiyanna.. etkota ekata yawi..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
එහෙම ඒවා ටිකක් තියෙනවා... ඒත් මේක උඩ තමයි ඉන්නේ..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මං ප්‍රාර්තනා කරනවා අපේ ගෙදර ඉස්සරහත් ඔහොම ඔරවගෙන හරි පූසෙක් ඇවිත් ඉන්න කියලා.😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒ උනාට එයා බයික් එක හූරයි කියලා තමයි රම්දුලා නම්කි කීවේ.... 😁😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හාපෝ හූරන්න තීන ඔක්කොම හූරයි ඈ. අනික කැලිබර් කියන්නෙ ඉතින් සුපිරි බයික් එකක් තමයි.මෙහෙත් එකක් තීනව
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මේක හිරුවොත්නම් මං උන්දැව එලවලම දානවා. අවුරුදු එකොළහක් මේක මගේ ළඟ.. 🥰🥰
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කතා කරන්න බැරි එයාලා කොයි තරම් අසරණ ද ? අයාලේ යන සත්තුන්ව හැම තැනින්ම එලවනවා.😪
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒකනම් ඇත්ත තමයි.. පව් අසරණ සත්තු...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
he settles down with sadness, I see maybe he wants something to be in front of him need to eat after waking up😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
All he needs is something to eat... 😁😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
A amuththanam ahinsakai wage.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔය කම්මැලිකමේ ඉන්නේ.. ලඟට යද්දී දුවනවා...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔහොම ආව පූසෙක් අපෙ තාත්තගෙ ත්‍රීවීලර් එකේ සීට් එක හූරල තිබුණ නියපොතුවලින්.
කොච්චර දාඩිය දාන කාලෙක වුණත් මං නිදාගන්නේ මෙයින් ශීට් එකක් පෙරවන්. පෙරවන්නෙ නැතුව නින්ද යන්නෙත් නෑ.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔහොම ආව පූසෙක් අපෙ තාත්තගෙ ත්‍රීවීලර් එකේ සීට් එක හූරල තිබුණ නියපොතුවලින්.
- අහිංසක මටත් ඕකම වෙයිද මන්දා...කොච්චර දාඩිය දාන කාලෙක වුණත් මං නිදාගන්නේ මෙයින් ශීට් එකක් පෙරවන්. පෙරවන්නෙ නැතුව නින්ද යන්නෙත් නෑ.
- කොහොමද අනේ ඉන්නේ එහෙම... 😵😵Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
aththatama inne e wage..hodatama mala panapu mood ekakin🤭
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔව් ඔව්... ඔරවාගෙන හිටියේ...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
උන්ට සීතල උනා කියල උන් කටින් කියන්න ද..ගුලිවෙලා උනුහුම රැක ගන්නව ඇරෙන්න..😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
පව් ඉතින් අසරණයෝ...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit