මීමුරේ මතක 2 කොටස

in hive-133716 •  2 years ago  (edited)

මීමුරේ ගියපු ගමනෙ දෙවනි කොටස කියන්න තමයි සූදානම් වෙන්නෙ..පළවෙනි කොටස මෙතනින් ගිහින් බලන්න පුලුවන්..

FB_IMG_1660927954548.jpg

ඉතින් මීමුරේ ගම කොයි වගේ ද කියන කුතුහලයත් එක්කම අපේ ගම ඇතුලෙ වැඩ ටික පටන් ගත්ත..මීමුරේ ප්‍රසිද්ධ අභියෝගාත්මක ජල ක්‍රීඩා කීපයක් තියෙනව..අභියෝගාත්මක කිව්වට ඒව බොහොම ආරක්ශාකාරීව, ආරක්ශිත ජැකට් හිස් වැසුම් දාල තමයි කරන්නෙ..ඒ නිසා බය වෙන්න දෙයක් නම් නෑ..එකක් තමයි ගමේ අය කියන විදියට "බුරුස් ගල"..වතුර පාරත් එක්ක "බුරුස්" ගාල පහලට ලිස්සල යන්න පුලුවන් නිසා තමයි එහෙම කියන්නෙ..තනි තනියම වගේම සෙට් එකත් එක්කත් යන්න පුලුවන්.ඒක මරු!
සාමන්යෙන් අපේ ඩිපාට්මන්ට් එකේ ට්‍රිප් එකක් ඕර්ගනයිස් කරනකොට මමත් ඒකේ කොහෙන් හරි ගෑවෙනව. ගොඩක් වෙලාවට කට්ටිය මං කියන දේවල් වලට එකග උනා..වෙන මොකක්වත් නිසා නෙවෙයි..කැමරාව තිබුනෙ මං ළගනෙ..කියන දේ ඇහුවෙ නැත්තං ඵොටෝ නෑ !

FB_IMG_1660927904871.jpg

කැමරා කෑල්ලත් අටවගෙන මං බුරුස් ගල ගාවට දුවගෙන ගියේ කෙල්ලො ටික පේලියට ගල දිගේ පහලට යන එකේ වීඩියෝ එකක් ගන්න..පොඩ්ඩක් කකුල එහා මෙහා වෙලා කෙල්ලො ටිකට කලින් මම ලිස්සල ගියා පහලට..වාසනාවට මටවත් කැමරාවටවත් කිසිම හානියක් උනේ නෑ. "වැඩිය හිතන්නැතුව ඔහේ යන්න..ඒක පට්ට" කියල කතාවක් තියෙනවනෙ..ඒක නම් ඇත්‍තම තමයි..ඒක පට්ට!

ඊට පස්සෙ එතන තියෙනව confidence jump " කරන්න තැන් තුනක්..ඒ කියන්නෙ උසක ඉදන් වතුරට පනින එක..පොඩිම එක අඩි දහයක් විතර උසයි..ඒක හැමෝම පැන්න..උසම එක අඩි 25 ක් 30 ක් විතර ඇති..ගල උඩ ඉදන් පහළ බැලුවමත් හිරිගඩු පිපෙනව..කොහොම හරි ඒක නම් පැන්නෙ මමයි තව කොල්ලො දෙන්නෙකුයි, එක නිර්භීත කෙල්ලෙකුයි විතරයි! කිතුල්ගත් මේ වගේම (හැබැයි මෙච්චර උස නෑ ) එකක් කලින් කරල තිබුන නිසා ලොකු අමුත්තක් දැනුනෙ නම් නෑ. පළවෙනි පාරට කරන කෙනෙක් ට නම් ඇග කිළිපොලා යන අත්දැකීමක්..ගමේ අය කිහිප දෙනෙක් නම් හිටියා ඒගොල්ලන්ට එතනින් පනින එක බත් කනව වගේ ලේසි වැඩක්!

වරුවක් විතර වතුරත් එක්ක දියබුං ගහල ඉවර වෙලා නිදහසේ නාගන්න , තව ටිකක් එහයින් තිබුන ගගකට ආව..ගගෙන් ගොඩට එනකොට අදුර වැටීගෙන එනව...කදු වලින් වටවෙලා තියෙන නිසා හරි ඉක්මනට කලුවර වෙනව මං හිතන්නෙ..වතුරත් එක්ක ඔට්ටුවෙලා හැමෝටම මාර බඩගිනි... කෑම්පින් කරපු තැනට එනකොටම වගේ කෑම ලෑස්ති කරල තිබුන..හැබැයි එතන කිසිම එලියක් තිබුනෙ නෑ..ටෝච් එකක්වත් එහෙම එකක් ගෙනියන්න ඕන කියලවත් කාටවත් මතක් උනෙත් නෑ..ඉක්මනටම දරකෝටු ටිකක් හොයාගෙන ගිනිමැලයක් ගහගන්න පුලුවන් උනා..ඒ එලිය ඇරුනම තිබුනෙ කෘතිම විදුලි පහන් වලින් දූශණය නොවුනු සුන්දර මීමුරේ අහසෙ තිබ්බ තරු කැට වල එලියයි, ඉතාම වෙහෙසකර උනත් තෘප්තිමත් දවසක් නිමාකරන්න ඉන්න අපේ ඇස් වල තිබුන දීප්තියයි විතරයි..ඒ එලියෙන් කෑම කාල සිංදුවක් දෙකක් මුමුණන ගමන් බාබකිව් ටිකක් හදාගන්නත් අපි අමතක කරේ නෑ..ඒ ප්‍රණීත රාත්‍රී භෝජනය අවසන් කරල කූඩාරම ඇතුලට ගිහින් වැටුන විතරයි මතක..ඇස් අරින කොට හොදටම එලිය වැටිල!

FB_IMG_1660927962060.jpg

FB_IMG_1660927981514.jpg

දෙවනි දවස අපි තීරණය කරා මීමුරේටම ආවේණික පෙනුමක් තියෙන icon එකක් උන, ජනප්‍රාවද රැසකට මුල් උන, ලකේ ගල පැත්තෙ යන්න..ගලේ සැලකිය යුතු දුරක් නගින්න අපට පුලුවන් උනා..කොහොමත් උඩටම යන්න කඹ දාල යන්න ඕන.. ඒක නම් ඇත්තටම අතිශයින්ම " අභියෝගාත්මක " වැඩක්..එක ට්‍රිප් එකකට ඊයෙ හම්බුන අභියෝග ටික ඇති කියල අපි ආපහු පහලට ආව මැදදි ටිකක් විවේක අරගෙන...හුළග නම් සෑහෙන්න..ගොඩක් වෙලාවට නැවිල, අගේ බර පොළවට කිට්ටුවෙන් තියාගෙන යන එක තමයි ආරක්ශාකාරීම..අපේ ඩිපාට්මන්ට් එකේ කෙට්ටු ම සහ සැහැල්ලුම සාමජිකය උන චමත් නම් පණ බයේ පහලට ආවෙ..ඒ අතරෙ අපේ උසුලු විසුලු වලට හොද මව් භාශාවෙන්ම උත්තර දෙන්නත් එයා අමතක කරේ නෑ!

FB_IMG_1660927968312.jpg

FB_IMG_1660927934658.jpg

FB_IMG_1660927929110.jpg

ගමන නිමා කරල ආපහු එන්න පිටත් වෙනකොට ටිකක් හවස් වෙලා..අහසත් කලු කරල වැහි පොදකුත් පටන් අරන් තිබ්බෙ..මන්දාරමත් එක්ක කදු වළල්ලෙන් වට උන භූමි දර්ශන දකිනකොට දැනුන ගුප්ත හැගීම නැතිනුනේ බස් එක පිරිල තිබ්බ ප්‍රීතිමත් කටහඬවල් වලින්..කොච්චර සීතල උනත් දෙවනි දවසෙත් මග තියෙන වතුර පාරකින් නාන්න ඕන කියල තීරණය කරන්න වැඩි වෙලා ගියේ නෑ..

FB_IMG_1660927942689.jpg

FB_IMG_1660928001556.jpg

පාර අයිනෙ බස් එක නවත්තල ලස්සන වතුර පාරක් දිගේ උඩට ගියේ නාන්න හොද තැනක් හොයාගෙන..දත් කට කට ගාන සීතලේ වතුරට පැනල නෑවම කන්ද නැගපු මහන්සිය කොහේ ගියා ද නෑ. හැබැයි ඇග කිළිපොලා කෑගැහිල්ලක් ඇහිල හැරිල බලනකොට අපි දැක්කෙ කූඩැල්ලෙක් දැකල මර ලතෝනි දෙන සත්‍යා..එක පාරට වතුර පාරෙ සැර වැඩි වෙලා සීතල උන නිසා අපට තේරුනා වතුර පාර උඩහට වහිනව ඇති කියල හොදටම..ඉක්මනටම ගොඩට ඇවිත් සත්‍යාටත් කූඩැල්ලො නෑ කියල බොරු කිය කිය බස් එකට ගිහින් ආපහු ගමන පටන් ගත්තා.

ඕනම ට්‍රිප් එකක අනිවාර්ය අංග දෙකක් තියෙනවනෙ..එකක් මගදි කොහෙන් හරි නාන එක.අනික? මාෆියා!! හුන්නස්ගිරියෙන් පටන් ගත්ත මාෆියා සෙල්ලම කටුබැද්දටම එනකන් නැතුනේ මග හිටපු යාලුවෙක්ගෙ ගෙදරින් රෑට කන්න නවත්තනකොට විතරයි..

කොහොම හරි රෑ 1 විතර වෙනකොට ආපහු කැම්පස් එක ගාවට එන්න අපට පුලුවන් උනා. කට්ටිය සතුටින් බෝඩිං වලට ගියේ කාලෙකට පස්සෙ ගතකරපු හොදම දවස් දෙකක මතකයක් එක්ක..මමත් ටිකක් එහෙන් මෙහෙන් ටිකක් ඇවිදින්න කැමති කෙනෙක්..එහෙම මෙච්චර කල් ගියපු ගමන් වලින්, මීමුරේ ගමන තියෙන්නෙ හදවතේ අමතක කරන්නම බැරි තැනක..

FB_IMG_1660927948917.jpg

-ceylonese eye-

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

යන්න ආසාවෙන්ම ඉන්න තැනක් කොහොමහරි කට්ටිය සෙට් කරන් යනව 🥺❤️

අනිවාර්යයෙන් යන්න ❤️

අවාසනාවට මම ඒ ට්‍රිප් එක ගියේ නෑ

ඇත්තටම ඇයි නාවෙ? 🤔

මම සෑහෙන්න ගමන් ගිහිල්ල තියන කෙනෙක්. ඒත් කවදාවත් මීමුරේ ගිහින් නැහැ. කියන විදියට නම් හරිම ලස්සන තැනක්. යන්න හිරි ආශයි. දවසක යන්න ඕනි.

ඔව් දැන් නම් යන්න පාරත් හොදයි..පහසුකම් වැඩි වෙලා ඇති..නිදහසේ ඉදල එන්න හොද පැත්තක් ❤️

Thanks for your guidence.

වැඩිය හිතන්නැතුව ඔහේ යන්න..ඒක පට්ට" කියල කතාවක් තියෙනවනෙ..ඒක නම් ඇත්‍තම තමයි..ඒක පට්ට!

ඇත්ත! එතකොට වැඩිය බර නෑ.
මොකක්ද මාෆියා කියන්නෙ? කොහොම වුණත් මේක පුදුම සුන්දර ගමනක්. ලස්සන ලියවිල්ලක්!💛

මාෆියා කියන්නෙ කාඩ් පැක් එකේ කොල කීපයකින් කරන සෙල්ලමක්..ගම්වැසියොයි හොරුයි ( මාෆියාව) කියල දෙකට බෙදිල තමන්ගේ කණ්ඩායම් දිනවන්න ඕන..එක පාරක් කරල බලන්නකො..ඇබ්බැහි වෙන සුලුයි 😁..

කොහොම වුණත් මේක පුදුම සුන්දර ගමනක්. ලස්සන ලියවිල්ලක්!💛

Thanks Prasadi ❤️❤️

පොඩිම එක අඩි දහයක් විතර උසයි..ඒක හැමෝම පැන්න

If i were there i'll never ever do that.bimata pannath wathurata nm panin nthi wei😫
photos tika nm wooow🤩photos tikath maru, trip ekath intersting, post ekath maru

🤗🤗

bimata pannath wathurata nm panin nthi wei😫

Jacket dala ne paninne uda pawenawa panna gaman baya wenna deyak na..😁

ah ehemathe
ehnm no poblem