😤 How not to respect other people's opinions

in hive-133716 •  2 years ago 

මට ලේසියකට තරහ යන කෙනෙක් නෙවෙයි..ඒත් මේ ලගදි උන සිදුවීමක් නිසා ටිකක් තරහ ගියා..තරහා ගියා කියනවටත් වඩා සුදුසුම වචනෙ irritated..හරියටම සිංහල තේරුමක් කියාගන්න තේරෙන්නෙ නැති නිසා තරහ ගියා කියල හිතමු.
මේක වැඩක් ඇති දේකුත් නෙවෙයි 😄. මේකයි කතාව.

පහු ගිය අගහරුවාදා හවස වැඩ ඇරිල එන ගමන් තමයි මේ කතාව උනේ. ක්‍රිකට් ලෝක කුසලානයත් ලග ලගම එන නිසා හැමෝම ලංකාවයි සිම්බාබ්වෙයි අතර තිබ්බ පුහුණු තරගය ගැන අවදානයෙන් හිටියෙ. ලංකාව කොහොම හරි ඒක ලකුණු 33 න් දිනුවා. ඒකෙ විශේශ සිදුවීමක් විදියට දක්වල තිබුනෙ සිම්බාබ්වෙ පිලේ 11 දෙනෙක් පන්දු යවපු එක.
ඇත්තටම පුහුණු තරගයකදි කණ්ඩායමක බැට් කරන 11 දෙනාම පන්දුයවන්න/ රකින්න ඕන කියල දෙයක් නෑ.කලින් වෙන වෙනම නම් කරන ඕනම 11 ට පන්දු රකින්නත් පන්දු යවන්නත් පුලුවන්. ඒක කිව්වම @sandu යි තව යාලුවෙකුයි( නොයෙල්) කිව්වෙ එහෙම නීතියක් නෑ එකම 11 දෙනා bat/ ball දෙකම කරන්න ඕන කියල. පුහුණු තරගත් icc එකේ තරග විදියට count වෙනව වගේ බහුබූත කතාවකුත් කිව්වා.

පැය බාගයක් විතර විවාදෙ දිගට ගියා..දෙන්නෙක් එක්ක තනියම විවාදෙ කරගෙන යන්නත් ටිකක් අමාරුයි නෙ..කොහොම හරි espn වෙබ් අඩවියේ තිබ්බ පෝස්ට් එක පෙන්නලම කිව්වත් ඒ දෙන්න පිළිගන්න සූදානම් උනේ නෑ..ICC නීති පොත පෙන්නල කිව්වත් ඒ දෙන්න නම් පිළිගන්න පාටක් තිබ්බෙ නෑ..😏

අනිත් අයගෙ අදහස් වලට අපි ගරු කරන්න ඕන බව ඇත්ත..ඒත් වැරදි බව දැන දැනම මෙහෙම කියනකොට ගරු කර කර ඉන්නෙ කොහොමද 😤.

FB_IMG_1665764613864.jpg

වැඩිපුරම ගේම ඉල්ලුවෙ නොයෙලා. කොහොම හරි පැයක විතර ගමනෙන් බාගයක් බැනගෙන ගහගෙන කොන්ඩ වලින් ඇදගෙන කරගෙන ගියා..නොයෙල බැහල යන්න ලන් වෙලා අකමැත්තෙන් මට දිනුම දීල ගියා 🤩.

මේ කතාව ආපහු මතක් උනේ facebook එකේ දැක්ක පහල තියෙන පෝස්ට් එක නිසා..ඒකට සදුනිව mention කරල ආපහු ටිකක් අවුස්සන්නත් අමතක කරේ නෑ..😁

FB_IMG_1665738110816.jpg

රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි අපි වාද කරන දේවල්..බෙදෙන්න තියෙනව නම් ප්‍රැක්ටිස් මැච් එකක් හරි කමක් නෑ ලංකාවෙ උන්ට වගේ හැගීමක් මට ඇතිවුනා..

FB_IMG_1665766355445.jpg

P.s.@sandu pahala tipar park karanna puluwn 👇😁

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

owata tiper wenne na ane dn 😂 eka ithin athal ekak gaththe mn nam oyai noyelui randu una eken.😅 anika me danna kale indan match balapu matada me palaweni parata warm-up match ekak baluwa kiyanne. denne payin.