බුදු ධහමට අනුව හොද සැමියෙක් වන්නේ කෙසේද?

in hive-133716 •  3 years ago 

IMG_20210909_211955.jpg
බුදු රජානන් වහන්සේ සමාජයේ අස්සක් මුල්ලක් නෑර සෑම කරුනක් ගැනම දුටුහ.පවුල් ජීවිතය ගැන දැක්වීමේදී සැබෑ යහපත් බිරිඳකගේ අගය පෙන් වු උන්වහන්සේ සැබෑ යහපත් ස්වාමි පුරුෂයකු වන්නේ කෙසේද යන්නද පෙන්වා දුන්හ.සාර්ථක පවුල් ජීවිතයක් උදෙසා භාර්යාවකගේ යුතුකම්,වගකීම් ,කාර්යභාරය ගැන නිතර කියවෙතත් ,ලියවෙතැතත් මේ පිලිබදව සැමියාද වැදගත් කාර්යභාරයක් ඉටුකල යුතු පුරුකක් ලෙස දකිනු මදය.හොද ස්වාමිපුරුෂයකු ගැන උන්වහන්සේ විවිධ සූත්‍ර වලදී දේශනා කොට ඇත්.

IMG_20210909_212726.jpg
" පච්චහි කො ගහපති පුත්ත ඨානෙහි සාමිකෙත පච්ජිමා දිසා භරියා පච්චු පට්ඨාතබ්බා,සම්මානනාය,අනවමානනාය,අත්තිචර්යාය,ඉස්සරිය,වොස්සගගෙන,අලකොරානුප්ප දානේන ඉමේහිකො ගහපත් පුත්ත,පච්චහි ඨානෙති සාමිනං අනුකම්පත්ති"යනාදි වශයෙන් සිගාලෝවාද සූත්‍රයේ (අංගුත්තර නිකාය-නික නිපාත) දී සිංහල ගෘහපති පුත්‍රයා ,සැමියා විසින් පශ්චිම දිසා සංඛ්‍යාත වූ භාර්‍යාවට කරුනු පහකින් උපස්ථාන කල යුත්තේය .
1 සම්භාවිත වචනයෙන් කතා කිරීමෙන්
2 පිරිහෙලා කතා නොකිරීමෙන්
3 පරස්ත්‍රි සේවනය නොකිරීමෙන්
4 සකල ඓශ්චර්යම පරිත්‍යාග කිරීමෙන්
5 අලංකාරයෙන් ප්‍රදානය කිරීමෙන්
යන කරුණු පසින් බිරිඳට උපස්ථාන කරන ලද ඇයද ස්වාමිපුරුෂයාට කරුනු පසකින් උපස්ථාන කරන්නීයයි දක්වාලයි.
පරාභව සූත්‍රයෙහිදි පිරිහීමට හේතුවෙන ස්ත්‍රී ධූර්ත,සුරා ධුර්ථ ,අක්ෂ ධුර්ථ ,ලද ලද දෑ විනාශ කිරීම,පර අඹුවන් වෙසගනන් කරා යෑම යන කරුණුද සැමියාගෙන් විය යුතු නොවේ.

IMG_20210909_212543.jpg
ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි වස්තු නැසෙන අපාය මුඛ සතර ලෙසින් දැක්වෙන ස්ත්‍රීන් කෙරේ ලොල්වීම ,රහමෙර බීමෙහි ලොල්වීම ,දූ කෙලියෙහි ලොල් වීම ,පවිටු මිත්‍රයන් ඇසුරු සැමියකු අතහළ යුතු වේ.
සාර්ථක විවාහ ජීවිතයකදි සැමියා වෙතින් ඉටුවිය යුතු කරුනු රැසක් ඇති බව පැහැදිලිය.
IMG_20210909_212444.jpg
බිරිඳට බුහුමන් කිරීම ස්වාමිපුරුෂයාගෙන් ඉටුවිය යුතු වැදගත් කරුණකි.මෙහිදි අදහස් කලේ බිරිඳගේ ගවුරවය ආරක්ෂා වන ආකාරයට සැමියාගෙ කතාබහය.ඔහුගේ වචන ප්‍රිය විය යුතුය.සිත් නොරිදෙන්නක් විය යුතුය.අද සමාජයේ බිරිඳට නමින් අමතන සිරිතක් වෙයි.එහිදී දක්නට ලැබෙන්නේ අදරය නිසා ,සෙනෙහස නිසා කෙටිකොට සාදාගත් නමකි.දිග නමෙන් ඇමතීම බිරිඳ ප්‍රිය නොකරනු ඇත.ඇය ප්‍රිය කරන ඇමතුම අමතක නොකල යුතුය."මැණිකේ" "හාමිනේ" ආදී වශයෙන් වහරනු පෙනෙන අතර මේ සියලලෙහි ගැබ්විය යුත්තේ බිරිඳට බුහුමනය.ඇයගේ අදහස් විමසාලීමටද ඇයට කරන බුහුමනකි.
අවමන් නොකිරීම සැමියාගෙන් ඉටුවිය යුත්තේය.සැබෑ සැමියෙක් කිසි ලෙසකින්වත් බිරිඳට අවමානයක් වන අන්දමේ හෙළා දැකීමක් සිදු නොකරයි.ඇයගේ අඩුපාඩුවක් වෙතොත් ඉතා ආදරයෙන් පහදා දෙනවා විනා හෙළා දැකීමක් නොමැති සේ විය යුතුය.සැමියා අන් ස්ත්‍රියක පිලිබදව සිත් යොමුකොට ඇත්තේ නම් බිරිඳගේ සිත් වේදනාවට ඒ බරපතලකම කාරනයක් වන්නේමය.කවරම සැමියකු වුවද තම විවාහය බිරිඳ හැර අන් බිරිඳක කෙරේ ඇග ඇලිකම් ,හිතවත්කම් ,වැරදි ඇසුරු කිරීම් නොකල යුතුය.ඔහු සිතිය යුත්තේ තමාගේ සියලු පැවතුම් බිරිඳ වෙත පමණක් බවය.පර ස්ත්‍රීන් ගැන යොමු නොවීම සැබෑ සැමියකුගේ ලක්ෂණයයි.
මුදල් උපයන සැමියා එය බිරිඳ අතට පත් කෙරේ නම් එය ගෙදර දොර කටයුතු මැනවින් කර ගැනීමට හේතු වන්නේය .ගෙදර දොර පරිපාලනය ඇය වෙත පවරා දීමෙන් සැමියා බිරිඳ කෙරේ විශාල අගය කිරීමක්ද පෙන්වයි.
IMG_20210909_212638.jpg
සියලු ස්ත්‍රීහු අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසීමට කැමති වෙත් ,මෙය සැමියා අවබෝධ කරගත යුතුය .බිරිඳට වස්ත්‍රාභරණ සපයාදීම තම යුතුකමක් සේ සැලකිය යුතුය.ඇය මිලදී ගනු ලබනවාට වඩා ස්වාමීන් විසින් මිලදී ගෙනවුත් දෙන දේ ඇය අගය කරනවා විය හැකිය.ඇය ස්වාමියා සමග සාප්පු යාමට ප්‍රිය නම් ස්වාමියකු ලෙස ඔබ වහා එලෙස කල යුතු විනා අමාරුකම් පෙන්විය යුතු නොවේ.බඩු බාහිරාදිය තෝරා ගැනීමේදී ඇය කාලය වැඩියෙන් වැය කලද ඇගේ රුචිකත්වය බිද හෙලීමට ඔබ වෙර දැරිය යුතු නොවේ.
අංගුත්තර නිකායේ සංවාස සූත්‍රයෙහි සැමියා හා බිරිඳ දෙවියෙක් දෙව්දුවක හා වාසය කරන සේ වන්නේ නම් ඒ උතුම් බව කියවෙයි.සැමියා ගුණගරුක,අචාරශීලි,පන්සිල් රකිමින් කටයුතු කරන්නේ නම් හේ දෙවියෙකි.බිරිඳද එපරිද ක්‍රියා කරන්නී නම් ඒ දේවතාවියකි. ඔවුන් දෙපලගේ පවුල් ජීවිතය ,රත්තරං ජීවිතයක් ද වන්නේය.
IMG_20210909_213626.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

වටින ආටිකල් එකක්. බුදුදහම තුල ඒ කියපු දේවල් අද වෙද්දි හොදටම සමාජය තුලින් පේනවා

ඒක ඇත්ත අද වනවිට සොබාදහම,බුදුදහමම වෙලා