source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. අද ලියන්න යන්නෙත් මන් කලින් ලියපු එක.වගේම දෙයක් තමයි.මං ගුරුවරු ගැන කොච්චර වටින කතා ඇහුවත් මේ වගේ දෙයක් අහන්න ලැබුන පලමු අවස්තාව මේක. මුහුනු පොතෙන් අහන්න ලැබුන කතාවක් මේක. කියවපු ගමන්ම මට හිතුනෙ මෙහෙම මිනිස්සුත් ඉන්න්වද කියල? මනුස්සයෙක් මේ වගේ වෙන්න කොච්චර සිතුව්ලි වලින් මනුස්සකමින් පොහොසත් වෙන්න ඕන්ද? ඉතින් මන් වැඩිය ලියන්න යන්නෙ නෑ ඔයාලත් කියවලම බලන්න.
මෙන්න ගුරුවරු... අම්පාර පුරවරයේ විවිධ සම්මාන පිට සම්මාන ලැබු ඔහුට ලැබුණු වටිනාම සම්මානය දරුවන්ගේ ආදරය..... ලෙන්ගතුකම...❤️
ඒ ඔහුගේ රාජකාරියට එහා ගිය උතුම් මනුෂ්‍යත්වය වෙනුවෙන් ලැබුණු මිල කළ නොහැකි ත්‍යාගයන් ය.
අම්පාර උහන කණිෂ්ඨ විද්‍යාලය පසුගිය කාලය පුරා ඉතා ඉහල අධ්‍යාපන ප්‍රතිඵල පෙන්නපු පාසලක්...
නැගෙනහිර පළාතේ ශිෂ්‍යත්ව විභාගයේ ඉහලම ප්‍රතිපල පෙන්නපු පාසල බවටත් පත්වුණා..
පසුගිය වසර දහයකටත් වැඩි කාලයක් එහි විදුහල්පති ධුරය දැරුවේ ජයන්ත රත්නායක මහතා. එතුමා දක්ෂම විදුහල්පතිවරයෙක් ලෙසද අධ්‍යාපන අමාත්‍යංශයේ කිහිපවතාවක්ම සම්මාන දිනා තිබෙනවා..
උහන කනිෂ්ඨ විද්‍යාලයේ ද පසුගිය කාලසීමාව තුළ ඉතාමත් ඉහළ මට්ටමකට අධ්‍යාපනික හා බාහිර අංශ වලින් පත්වුණා..
දිගුකාලීන උහන කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ධුරයෙන් ජයන්ත රත්නායක මහතා පසුගියදා සමුගත්තේ අම්පාර නගරයේ තවත් විදුහලක විදුහල්පතිවරයා වශයෙන් පත්ව යාමටයි.
මේ ඔහු සමු ගත් පසුව සති දෙක තුනකට පසු පැවති උපහාර උළෙලේ ඉතා සංවේදී මොහොතක්............
ජයන්ත රත්නායක මහතා ගේම ශිෂ්‍යයෙක් දැනට කලකට පෙර විවාහ වෙනවා..
ඔහුට ලැබෙන්නේ පුතෙක්..
ඒ පුතාට වයස අවුරුදු දෙකක් වන විට ඒ කුඩා දරුවාගේ මව සැමියාත් දරුවාත් හැර යනවා..
ඉන්පසු ජයන්ත රත්නායක මහතාගේ ගෝලයාගේ, තාත්තාත් අම්මාත් දරුවාගේ ආත්තම්මත් සීයාත් සමගින් සහ පියා සමඟින් දරුවා සිටින්නේ..
පසුගිය වසරේ ඒ දරුවා පාසලට ඇතුළත් කර ගැනීමේ වයසට පැමිණෙනවා..
යම් යම් ලිපි ලේඛන වල අඩුපාඩු තිබුණත් මේ අහිංසක දරුවා තම විදුහලට ජයන්ත රත්නායක මහතා ඇතුලත් කරගන්නවා..
පසුගිය වසරේ දරුවා පාසලට ඇතුලත් කර සති කිහිපයකින් දරුවාගේ පියා කොළඹ රැකියාවකට යනවා. කොළඹ ගොස් ටික කලකට පසු ඔහු කොළඹ ප්‍රදේශයේ ම කාන්තාවක් සමග එක්වී කොළඹම නවතිනවා..
දරුවාගේ රැකවරණයට මවත් පියාත් දෙදෙනාම නැති වෙනවා. ඉන්පසු දරුවා අත්තම්මා සීයා සමඟයි ජීවත් වන්නේ. දරුවා පාසැලට බයිසිකලෙන් එක්කරගෙන එන්නේ සීයා.
පසුගිය දිනෙක සිය මුනුපුරා පාසලෙන් රැගෙන යාමට පාපැදියෙන් එන සීයා වවුල් ගස අසල දී වාහනයක හැපී දැඩි ලෙස තුවාල ලබා ජීවිතයෙන් සමු ගන්නවා.
දරුවාට තිබූ ඒ හව්හරණක් නැති වෙනවා..
අත්තම්මා සමඟ පමණක් සිටින දරුවා ගැන ජයන්ත මහතා බොහෝ විමසිලිමත් වෙනවා..
පාසලේදීත් දරුවා ගැන සොයා බලනවා ඔහුගේ අඩුපාඩු ගැන සොයා බලනවා..
ඒ නිසා කුඩා දරුවා විදුහල්පතිවරයා කෙරෙහි බැඳීමක් දැඩි ලෙස සිත තුළින් ඇති කරගන්නවා...
මේ අතරතුර යි ජයන්ත රත්නායක විදුහලෙන් ස්ථාන මාරුවක් ලැබෙන්නේ..
විදුහල්පතිවරයා පාසලේ නැති බව දෙවැනි පන්තියේ සිටින මේ කුඩා දරුවාට ක්‍රමයෙන් තේරෙනවා..
පන්ති භාර ගුරුතුමිය ගෙන්
"ඇයි ටීච ලොකු සර්ගේ කාර් එක නැත්තේ" "ලොකු සර් එන්නෙ නැද්ද"
" ඇයි එයා එන්නේ නැත්තේ "
මෙවැනි ප්‍රශ්න විමසනවා..
සති දෙකකට පසුව විදුහල්පතිවරයාට සමුදීමේ උළෙලක් පැවැත් වෙනවා. එම උළෙලේ දී සිය කථාව පවත්වන මොහොතේ ජයන්ත රත්නායක මහතා විදුහලට තිබූ බැඳීම සහ අතීතය සිහි කරමින් කතා කරන විට මොහොතකට හැඟුම්බර වෙනවා..
ඒ දුටු මේ පුංචි දරුවා සෙනග මැදින් දිව විත් විදුහල්පතිවරයා බදාගෙන අඩනවා.
දරුවන් ලොවට බිහි කරන දෙමව්පියන් දරුවන් ගැන වගකීම්වලින් බැහැර වීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්.
ඒ කුඩා පුතාගේ අනාගත අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් අරඹන බව ජයන්ත මහතා පැවසුවා. ඔබ වැනි සිතුවිලි ඇති මිනිස්සුන් තව තවත් මේ මිහිමත පහල වේවා !