![11.jpg](https://steemitimages.com/640x0/https://cdn.steemitimages.com/DQmZaJEMk6gUCupWT7g1kCfuY1FXrAuagUgndHLc9m3tkD7/11.jpg)
ඔයාලට ආරංචි වෙන්න ඇති ඕස්ට්‍රේලියාවේ නිත්‍ය ටෙස්ට් කණ්ඩායම් නායක විදියට සිටි Tim Payne සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඒ මිනිහා 2017දි කරපු වරදක් නිසා.. කොල්ලන්ට කියන්නේ.. ලොකු උනාම Ex ල එක්ක texting උනත් පරිස්සමින්.. මේ නිසා කණ්ඩායම මෙහෙයවන්න අවස්ථාව හම්බුනේ Pat Cummins ට.
![pt.jpg](https://steemitimages.com/640x0/https://cdn.steemitimages.com/DQmWoCbfssLKEznPMr89QW2pNcTqBoCw1jEhNk8z3cD8pD9/pt.jpg)
මුල් ටෙස්ට් මැච් එක පටන් ගත්ත දවස් 2කට කලින්. අද තමයි 3 වෙනි දවස.. කලින් දවස් දෙක නම් හරිම රසවත්.. ඊයේ තමයි හුඟක් ම රසවත්..
එංගලන්ත නායක Joe Root කාසියේ වාසිය ජයගෙන මුලින්ම පන්දුවට පහරදෙන්න තීරණය කරා. ඒක හොඳ නැති තීරණයක් කියලා මුල් පන්දුවේ සිටම පෙන්වමින් Michel Stark මුල් විකට් එක මුල් පන්දුවෙන් ම ගත්ත.. Joe Root ත් බින්දුවට අවුට් උනා. කැන්ගරුවන්ගේ දස්ස පන්දු යැවීම හමුවේ එංගලන්ත කණ්ඩායම ලකුණු 147කට දැවී ගියා. නායක Pat Cummins කඩුලු 5ක් දවගත්තා. පස්සේ මුල් දවසම වැස්සා..
![](https://steemitimages.com/640x0/https://images.outlookindia.com/public/uploads/articles/2021/12/8/Cummins-Fifer-Ashes-Gabba-A_571_855.jpg)
දෙවැනි දවස පන්දුවට පහර දෙන්න ආපු කැන්ගරුවන්ට හොඳ ආරම්භයක් ලබාගන්න පුළුවන් උනා. ආරම්භක පිතිකරු Marcus Harris අඩු ලකුණු ගානකට දැවී ගියත් පසුව David Warner සමග එක්වුන Marnus Labuschagne අගනා සබදතාවක් ගොඩනැගුවා. Labuschagne ලකුණු 74ට දැවී ගිය අතර ශතකය අභියස Warner දැවී ගියා ලකුණු 94දි.
![07.gif](https://steemitimages.com/0x0/https://cdn.steemitimages.com/DQmTRKtfr7bKEhCiyUJ7yhHFP4jLbisqTzyZiCJppQTLQtH/%2007.gif)
පසුව පැමිණි Cameron Green මුල් පන්දුවෙන්ම දවාගන්න Ollie Robinson සමත්වීම සමග ඉක්මනට කැන්ගරු ඉනිම අවසන් වෙයි යැයි සිතුනත් එවිට කඩුල්ලේ රැදීසිටි Travis Head අනිත් අන්තයට එන යන ක්‍රීඩකයන් සමග සාර්ථක සබදතා ගොඩනගන්න සමත්වෙනවා. ඒ වගේම වේගයෙන් ලකුණු රැස් කරා. ඒ අස්සේ Mark Wood මිනිහගේ ඔලුවටම වගේ No Ball එකක් දානෝ.. 99න් බේරෙන්නේ.. නැත්නම් concussion තමයි..
![09.gif](https://steemitimages.com/0x0/https://cdn.steemitimages.com/DQmXn9QgkC5pNFcP5Sh6cUDgcQofKBk7Lw8WdZzrt8zZXPh/%2009.gif)
Travis Head මට මතක විදියට මම මුලින්ම දකින්නේ U19 World Cup Tournament එකක. ඒකෙ Banuka Rajapaksa ත් ගැහුව වගේ මතකය්. ඒ කාලෙත් මිනිහා හොඳට perform කරා ඒත් National Team එකට ආවම In and Out වගේ තමයි. මේ මැච් ඒකෙ මිනිහා ලකුණු 152ක් රැස්කරල ඉන්නකොට තමයි අද උදේ 10වෙනි විකට් එක විදිහට අවුට් වෙන්නේ.
![05.gif](https://steemitimages.com/0x0/https://cdn.steemitimages.com/DQmYQnLdDHeb99xBTQe74A2e6UC9cR36oushd7qn9DX8DEV/%2005.gif)
මෙච්චර ලකුණු ගානකට යන්න ඇත්තටම එංගලන්ත Fielding පට්ට උදව්වක් දුන්නේ. Run Out Chance කීයක් මිස් උනාද.. Catches කීයක් මිස් කරාද.. තව No Ball එකකදී විකට් එකකුත් ගියා.. ඒකත් David Warner ගේ.. පස්සේ මිනිහා 94ක් ගහලා අවුට් උනේ..
![08.gif](https://steemitimages.com/0x0/https://cdn.steemitimages.com/DQmRghpV9RDEhCfbd6Tk2PpJqRv4MvB2XTuhZaXQVCQwpSh/%2008.gif)
මේ වෙනකොට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම ලකුණු 179ට විකට් 2යි. බලමු ඔස්ට්‍රේලියාවට 2nd Innings නොගහ දිනන්න පුළුවන් ද කියලා.. ඔයාලටත් මැච් එක FB Live බලන්න පුළුවන්.. පොඩ්ඩක් Eng vs Aus first test කියලා සර්ච් කරලා බලන්න.. ඔයා පුදුම වෙයි...🐒🎉🥂
Mama beluwa wage thama,hubby balana gaman matat ehenna kiyanawa.😄
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
හබී බලනකොට මැච් එක බලන්න එපැයි 🤭🤭
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
gammak thamai mage australiyawa 😌😌
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඔයාගේ ද ඔස්ට්‍රේලියාව?? , 😯😯
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
adada danne bokka
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
I'm one of those old school person who is more excited about the Ashes over LPL 😌❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Me too.. match starts at 5 30.. It's so refreshing to watch that kinda match at the morning
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මැච් එක බැලුවෙ නැතත් highlight බලන්නනම් අමතක කරන්නෙ නෑ..😁
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මම නම් පොඩ්ඩක් මැච් එක බැලුව
Highlight ත් බැලුව
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ammo mewa tma cricket match.Test cricket unath ptta gemak denawa teams dekama.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
නැතුව.. අනික travis head ගේ ගැහිල්ල 😂😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit