ගලවපු කෙනා ඒ කෑල්ල අරගෙන යනවා ඒක හදාගෙන එන්න ඕනෙ කියලා.මම කථා කරද්දී මනුස්සයා නොපෙනී ගිහිල්ලත් ඉවරයි.මම ඊට පස්සේ බැලුවේ මගේ වැඩේ බාරගත්ත කෙනා ඉන්නවද කියලා .ඔහු පේන්න හිටියේ නෑ .මම වටපිට බලන කොට දැක්කා ඔහු වෙනත් පැත්තකට යනවා.මට දැනෙන්න පටන් ගත්තා මෙතන මොනවා හරි දෙයක් වෙනවා කියලා .ඇත්තටම අසරණ වුනා වගේ දැනුනා .
ඒත් ඒ වෙලාවේ මම හිතුවා නිකන්ම පරාජය බාර නොගෙන මොනවා හරි කරන්න ඕනේ කියලා.හදන්න ගිය කෙනත් නෑ .ඉන්න කිසිම කෙනෙක් හරි උත්තරයක් දෙන්නෙත් නෑ .මේ වගේ තැනක ප්‍රශ්නයක් දාගන්නත් බෑ .අනික තනියම.එන දේකට මුහුණ දෙනවා කියලා හිතාගෙන වටපිට බලනකොට මම දැක්කා තවත් කඩේක showcase එකක දැන්වීමක් අලවලා තියෙනවා.ඒ දැන්වීම අලවලා තිබුනේ අදාල ප්‍රදේශය අයිති පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පති තුමාගේ නමින්.මට තවම හොඳටම මතකයි ඒකෙ ප්‍රින්ට් කරලා තිබුන දේ ."ඔබට මෙම ස්ථානවලින් සේවාවක් ලබා ගැනීමට යාමේදී යම් අකටයුත්තක් සිදුවේනම් කරුණාකර මා අමතන්න " කියලා දුරකථන අංකයක් දාලා තිබුනා .මම ඒ දැන්වීම හිතේ තියාගෙන බලාගෙන ඉන්නකොට අර මනුස්සයා ඇවිත් ඒ කෑල්ල සවි කරන්න පටන් ගත්තා .මම බලද්දී ඒක පුංචිම පුංචි වැඩක්.ඉවර වුනාම මම මුදල ඇහුවම ටිකක් ඇඟ පත තියෙන කෙනෙක් කිව්වා "මහත්තයා " රුපියල් 7800/ ක් දෙන්න කියලා.මම එයාට කිව්වා මේක එච්චර මුදලක් යන වැඩක් නෙවෙයි ඒ නිසා සාදාරන ගණනක් කියන්න කියලා.ඔහු මට ටිකක් තර්ජනාත්මකව කිව්වා වැඩේ කර ගත්තනම් සල්ලි දීලා මෙතනින් යන්න මහත්තයා කියලා.මම ඊට පස්සේ කිව්වා මගේ ළඟ ඒ තරම් මුදලක් නෑ කියලා.එතකොට ඔහු කියනවා "හරි මහත්තයා card එකෙන් ගමු .අපේ එක්කෙනෙක් එයි එයාට සල්ලි දෙන්න කියලා .මම කිව්වා මට බැංකු bank card නෑ කියලා.මේ වෙනකොට කට්ටිය මාව වට කරනවා වගේ දැනුනා.තව එක්කෙනෙක් ආයෙමත් දොරේ අපොස්ටින් එක ගලවන්න වගේ හදනවා .මට මතක් වුනා අර දැන්වීම.මම පොඩ්ඩක් ඉන්න යාළුවෙකුට කථා කරලා සල්ලි ගෙන්න ගන්නම් කියලා පොඩ්ඩක් එහාට යද්දී දෙන්නෙක් විතර මගේ පස්සෙන්ම වගේ ආවා.මම දන්නවා එහෙම යද්දී අනිවාර්යෙන්ම එනවා කියලා.මට ඕනෙ වුනෙත් එහෙම ගෙන්න ගන්න .මම පොඩ්ඩක් එහාට ගිහින් number එකක් dial කරනවා වගේ පෙන්නලා අර දෙන්නට ඇහෙන්නෙ නැතිවෙන්න කථා කරනවා වගේ පෙන්නලා ඇහෙන්න කථා කලා . (call එක ගන්න කලින් මගේ phone එක silent දැම්මා.වෙන call එකක් ආවොත් මම කරන්න යන දේ අවුල් වෙයි කියන බයට.) මම වට පිට බලමින් හොරෙන් වගේ කිව්වා අර දෙන්නටත් ඇහෙන්න .) "හරි සර් ,මම එතන තමයි ඉන්නේ .කියපු විදියටම වුනා .කට්ටියම ඉන්නවා ,සර් ඉක්මනට එන්න මම සර් එනකන් කොහොම හරි අල්ලාගෙන ඉන්නම් කියලා."මම එහෙම කියලා ඉවර වෙනවත් එක්කම මගේ ළඟ ඉඳපු දෙන්නගෙන් එක්කෙනෙක් ඉක්මනටම අනිත් අය ලඟට ගිහින් ඒ අයට මොනවා හරි කියනවා දැක්කා ,මම එයාලා ලඟට ඇවිත් මට සද්දේ දාපු කෙනාට කිව්වා ටික වෙලාවක් දෙන්න ,යාලුවා සල්ලි අරගෙන එයි කියලා.විනාඩි දෙක තුනක් යද්දී ඒ මනුස්සයා මට කියනවා "අපිට වැඩි වෙලාවක් ඉන්න බෑ ,තව වැඩක් ආවොත් කරන්න ඕනෙ .ඒක නිසා 3000/ක් වත් දෙන්න කියලා .මම ආයෙත් කිව්වා මගේ ළඟ ඒ තරම් මුදලක්වත් නෑ ,එහෙම අඩුවෙන් දෙන එක හරි නෑ ,ඒ නිසා යාළුවා එනකන් ඉන්න කියලා .ඊට පස්සේ එයාලා හරි කලබලෙන් කිව්වා කමක් නෑ අතේ තියෙන කීයක් හරි දෙන්න කියලා .මම ඒ අතරේ phone එක දිහාත් දෙතුන් පාරක් බැලුවා .දැන් මම දන්නවා මම මේ game එක දිනුවා කියලා.
දැන් කට්ටියම කලබල වෙලා කීයක් හරි දීලා යන්න කියනවා ,මම අන්තිමට ටිකක් හරි මහන්සි වුනා නේද කියලා හිතලා මගේ ළඟ තියෙන්නේ රුපියල් 1000/ක් විතරයි කියලා අර සද්දේ දාපු මනුස්සයට රු :1000/ක් දුන්නා .මට ඒ වෙලාවේ හිතුනා මෙතනට එන මිනිස්සු කොයි තරම් අසරණ වෙනවා ඇතිද කියලා .
මට ඒ වගේ අසාධාරණයක් නොකර මනුස්සකමින් වැඩ කලානම් මම කීයක් හරි වැඩියෙනුත් දීල එන්න තිබුනා .ඒත් ආයෙත් එතනට යන කෙනෙකුට හරි එහෙම නොවෙන්නයි මට ඕනෙ වුනේ.පුංචි වීදුරුවක තිබුන දැන්වීමකට කරන්න පුළුවන් වුනා ලොකු දෙයක්.ඒ වෙලාවේ එහෙම දෙයක් කරන්න මගේ ඔළුවට ආව එකට දෙවියන්ට ස්තුතියි ..
ඔබත් මේ පැත්තට යනවානම් කල්පනාවෙන් යන්න ..තනියම යන්නත් එපා ..සුදානමින් යන්න .
වරදින්නට පෙර සිහියෙන් ....
අපි හැමෝම ආසයි කවදාහරි දවසක අපේම කියලා වාහනයක් ගන්න..ඒක අපි දකින හරි සුන්දර හීනයක්.බොහෝ දෙනෙක් මේ වෙනකොට ඒ හීනෙ සැබෑ කරගෙන ඇති .ඒ වගේම පිරිසක් ඒ හීනෙට දින ගනිනවා ඇති .එහෙම අයගේ හීන ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් වාහනයක් සම්බන්දව මට මුහුණ දෙන්න සිදුවුන අත්දැකීමක් ඔබත් එක්ක බෙදා ගන්න හිතුනා. සමහර විට මේ වගේම හරි මීට සමාන හරි දෙයක් වෙච්ච තව අය මෙතන ඇති.එහෙම නැති අයට මේ කථාව කවදා හරි දවසක වැදගත් වෙයි කියලා හිතලා මම කථාව කියන්නම් .
මේක සිද්ද වුනේ වාහන වලට අමතර උපාංග ගන්න තියෙන ප්‍රදේශයකදී.මේ ප්‍රදේශයේම තමයි ශ්‍රී ලංකාවේ දැවැන්තම පක්ෂයක මුලස්ථානය තියෙන්නේ .දැන් ඔබ දන්නවනේ මම කියන්න යන්නේ කොතනද කියලා . .වාහනවලට විවිද උපකරණ ගන්න වගේම විවිද උපාංග එකතු කරගන්න වාහන හිමිකරුවන් බොහෝ දෙනෙක් ජීවිතේ එක වතාවක් හරි මෙතනට ගිහින් ඇති .ඒ අය දන්නවා ඇති මෙතන වැඩ කටයුතු වෙන විදිය ගැන.ඒක වෙනමම කථාවක් .එතන ඉන්න අයට අපේ කැමැත්ත වැඩක්ම නෑ එයාලට ඕනෙ දේ කරන්න .අපි ගිහිල්ලා වාහනය නතර කරන්නත් කලින් කීප දෙනෙක්ම වටවෙලා ඉවරයි.ඊට පස්සේ ඉතින් අපි සෑහෙන්න අසරණ වෙනවා කල්පනාවෙන් වැඩ කලේ නැත්නම්.
මම දැන් කථාවට එන්නම් ,දැනට අවුරුදු 6 කට විතර කලින් මම එවකට පාවිච්චි කරපු මෝටර් රථයේ වම් පැත්තෙ දොරේ වීදුරුව සම්බන්ධව ගැටළුවක් ආවා,ඒ වීදුරුවේ වයින්ඩර් එක හරියට වැඩ කරන්නෙ නැතුව සෑහෙන්න අපහසුතාවයන් වලට මුහුණ දෙන්න වුනා .විශේෂයෙන්ම වැස්ස වැඩි දවසට,එක දවසක් මේ ඉසව්වෙන් යද්දී මට හිතුනා මේ ප්‍රශ්නය විසඳගන්න ඕනෙ කියලා .ඒ නිසා මම වාහනය අයිනට කරලා නතර කරන කොටම කාක්කෝ රෑනක් වටවුණා .(එයාලට කියන්නේ කාක්කෝ කියලා ) මම මගේ අවශ්‍යතාවය කියන සැනෙන් "හරි මහත්තයා මේ අයිනට දාන්න" කියලා පුංචි අතුරු පාරකින් මාව ටික දුරක් අරගෙන ගියා .මම වාහනෙන් බහින්නත් කලින් එක්කෙනෙක් දොර ඇරලා අපෝස්ටින් එක ගලවන්න පටන් අරගෙන තිබුනේ.මම දෙතුන් වතාවක්ම වැඩේට යන මුදල ගැන ඇහුවා.ඒත් කවුරුවත් ඒකට හරි උත්තරයක් දුන්නෙ නෑ.
ඇත්තටම තනි කෙනෙක් විදියට ගියාම ගොඩක් අසරන වෙනව නේද ඔය වෙලාවකට කරන්න දෙයක් හිතාගන්න බැරුව 😐 , අයියනම් ඒකට නියමෙට මුහුන දීල තියෙනව❤️, ඒත් හැමෝටම ඒ විදියට බෑනෙ මං උනත් ඔය වගේ වෙලාවකට ගොඩක් අසරන වෙනව කරන්න දෙයක් හිතාගන්න බැරුව එයාල කියනදේකට යටත් වෙනව ඇරෙන්න 😐, මේක ගොඩක් වටිනව ඒනිසා මං ඇතුලු ගොඩක් අයට ඔය වගේ වෙලාවකට හරි විදියට වැඩ කරන්න 😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ow minissu harima pudumayi welawakata.ethanata giyama eka wenamama lokayak wage.kalpanawen weda kaloth hari.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
අපි හිතන්නෙවත් නැති විදියෙ මිනිස්සු ඉන්නෙ මේ සමාජයේ. මන් උනානම් ඕම දෙයක් වෙද්දි ගොඩක්ම බය වෙනවා. තැනට හරියන විදියට වැඩ කර එක වටිනවා මෙතනදි ගොඩක්.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
thanks.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
මනුස්සයෙක් කරදරේක වැටුනම එකෙන් අයුතු ප්‍රයෝජන ගන්න බලන් ඉන්න මිනිස්සු අද සමාජේ ගොඩක් වැඩියි. මේ කොරෝන එක්ක ඒ දේවල් ගොඩක් බලාගන්න පුළුවන්. තමන්ගේ මඩිය ගැන හිතන මිනිස්සු අනිත් මනුස්සයාගේ දුක ගැන හිතන්නේ නෑ. අනිත් මිනිහ මිරිකලා හරි තමන්ගේ මඩිය තර කරගන්න තමයි බලන් ඉන්නේ. පරාර්ථකාමී මිනිස්සු හරිම අල්පයි
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
dan kale godak minissu hithanne ae widiyata
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Darley road එකේ මේ සිද්දිය නිතරම වෙන දෙයක්... එයාලා කෙලින්ම වාහනේ දාගන්නවා මරදාන පැත්තට තියෙන අතුරු පාරට.. ඊටපස්සෙ එයාලා සල්ලි ගෙවනවා වගේ අඩුපාඩු හදන්න පටන්ගන්නවා.. කන පැලෙන්න දෙකක් දෙන්න ලෑස්තිවෙලා යන්න ඕනි..නැත්නම් බෑ
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
aniwa.wahane eyalage wage weda patan ganne.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ඒක නම් ගොඩක් හොඳ උපදේශයක් !
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
කෙනෙක් කරදරේක වැටුනම බහුතරයක් දෙනා බලන්නේ ඒකෙන් ප්‍රයෝජන ගන්න.😔
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit