හොරා ගැනම හිතන නිසා - 5% for SL- Charity

in hive-133716 •  3 years ago 

ආයුබෝවන් යාළුවනේ,

කොහොමද ඔයාලට.පරිස්සමින් ඉන්න. හොඳින් ඉන්න. සතුටින් ඉන්න.ඉතින් යාලුවනේ, මගේ කලින් පෝස්ට් එකේ අපේ ඥාති කෙනෙකුගේ ගෙදරට හොරෙක් ආපු කතාවක් කිව්වනේ. ඒ කතාවෙ තවත් කොටසක් තියේවි කියලා හිතුවේ නැහැ. ඔන්න ඉතින් ඒ සිද්ධියෙ තවත් කොටසක්.

20211221_173720.jpg

ඒ හොරා ඒ ගෙදර අල්මාරියේ තිබුණු රත්තරන් බඩු සේරම,කතානායිකාවගේ හස්බන්ඩ් රට ඉඳන් ගෙනාපු ෆෝන් එක,තව මේ දවස් වල එයාලගෙ ගෙදර ජනෙල් වල අලුත්වැඩියාවක් සිදු කරනවා.ඒ සඳහා මුදලින් අවශ්‍ය වන රුපියල් පනස් දාහක මුදලක් අරන් ගිහින්. ඔයාලටත් හිතෙනවා නේද මේ රත්තරන් බඩු සේරම ගන්න නම්,එක්කෝ ඒ ආභරණ එළියේ තියෙන්න ඕන.නැත්තං අල්මාරිය කඩන්න ඕන. නැත්තං අල්මාරියේ යතුර හොරා දැනගන්න ඕන. ආභරණ එළියේ තිබිලත් නෑ. හොරා දොර කඩලත් නෑ.අල්මාරිය දොරේ යතුර තිබිලත් නෑ.කතානායිකාව එම සිද්ධිය කියපු විදියට නම් ඇය යතුර වෙනම තැනක හංගලා තිබිලා තියෙන්නේ.ඉතින් හොරා මේ තරම් බඩු අරගෙනත් සෑහීමකට පත්වෙලා නැහැනේ.ඔහු කථානායිකාවගේ කරේ තිබුණු මාලෙත් ගන්න ඕන නිසා තමයි ඔහු ගේ ඇතුලෙ තිබුණ පුටුවක් වැටෙන්න සලස්වලා තියෙන්නේ.ඇයත් නොදන්නකමට ඇවිත් බලපු නිසා තමයි ඇයගේ මාලය අහිමි උනේ.

බලං යනකොට මේ හොරා expert නේ.වෙන හොරු ගෙදර අයට නොදැනෙන්න ඇවිත් බඩු අරන් යන්නෙ.ගෙදර අය ඉන්නවනම් බඩු අරගන්නෙම නැතුව හදිස්සියේවත් අඳුර ගත්තොත් කියලා බයටම දුවනවා.තව හොරු ඉන්නවා ගෙදර අය බය කරන්න පිහි, තුවක්කු පෙන්නලා ගෙදර බඩු අරගෙන යනවා.දැන් බලන් යනකොට මේ හොරා සුපිරි හොරෙක් නේ.ගෙදර අයට නොදැනෙන්න අල්මාරියේ යතුර හොයාගෙන සද්ද නොවෙන්න අල්මාරිය ඇරලා බඩුත් අරගෙන ඒකත් මදිවෙලා ගෙදර අයිතිකාරියට එන්න කියලා වගේ කරේ තියෙන මාලෙත් කඩාගෙන ගියා නේ.දැන් ඉතින් මේ සිද්දිය ගැන තරමක් වෙනස් විදියට අමුතු බයක් එක්ක දැනෙනවා නේ.අපේ එක පුංචි නොසැලකිල්ලක් තරමක විනාශයක් වෙන්න වගේම පුද්ගල ඇසුර පවා වඩාත් අතේ දුරින් පවත්වාගෙන යාම යහපත්.

1640091728134.jpg

ඉතිං අපේ ගෙදර මේ සිද්ධිය නිතරම කතා කරනවා. උදේ, දවල්, රෑ කියලා වෙනසක් නැහැ.මොකද හොරාට මාලයයි අපිට මාලයයි කියලා මාල වැඩිපුරත් එක්ක ගෙදර තියාගෙන නැහැනේ. මෙහෙම කතා කර කර ඉන්නකොට මට කෝල් එකක් ආවා. අවදානයෙන් හිටියේ නැහැ .මොකද මේ දවස් වල මෙමරිය පොඩ්ඩක් අප්සට් ගිහින් තියෙන්නේ හොරා නිසා. "මිස් nilesha,ඔයාට ඕඩර් එකක් තියෙනවා.මට????, මං මොනවත් ඕඩර් කලේ නැහැනේ.එහෙනම් මං මේක ආයෙත් ගෙනියන්නම්. මෙක ගෝනපොල ඉඳන් ඇවිල්ල තියෙන්නෙ.මට පොඩ්ඩක් කවුද එව්වේ කියලා කියන්න පුළුවන්ද.මිස් මේක ruwan kumara කියල කෙනෙක් එවලා තියෙන්නේ.ආහ් අරන් එන්න මට තමයි".ඔන්න ඔහොමයි ටීෂර්ට් එක ගෙදරට ලැබුණේ.

1640091618934.jpg

අනේ සොරි, මම අලුත් පෝන් එකට telegram ඉන්ස්ටෝල් කරගෙන නැහැ. ඒ නිසයි අප්ඩේට් නැත්තේ. Thank you sooo much. @randulakoralage, @ruwankumara සහ උදවු කළ හැම දෙනාටම. ඇත්තටම ලස්සනයි. Again Thank you.

ස්තුතියි හැමදෙනාටම.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

තව ටිකෙන් ටීෂර්ට් එක මිසින්...

Ekane,thank uuuu

T shirt eka lassanata tiyenawa.

Hmmm.mama arenna neda??????

Na ane.. akka lassanata inne oya.

ambo baya hithuna e horage kathawa ahaddi nm. bayen jeewath wenna wenne ohoma wada karana aya nisa. mtath labuna t shirt eka. eka lassanai 💖

Thanks nangi,attatama tshirt 1 lassanai